saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7511 hours ago

LATEST

බදුල්ල මහ රෝහලින් කොවිඩ් ‌ආසාදිතයින්

calendar_today 2021 ජුලි 18 - 10:15 remove_red_eye - 161  

බදුල්ල මහරෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ කෝවිඩ් 19 ආසාදිත රෝගීන් 16ක් ඊයේ (17) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධිකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

ලෝකයේ බොහෝ රටවල මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පතවෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැලවීමට හැකියාවක් නොමැති බවත් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාම බලාපොරොත්තු විය යුතු බවද ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ​ය.

Read More

කැකිරාවේ පරාවිල ප්‍රදේශයේදි වැටලිමකට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු අනතුරකට පත් කර ට්‍රැක්ටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර,හන්තාන ප්‍රදේශයේ අඩි 3000 වැඩි සියලුම පුද්ගලික ඉඩම් රජයට පවරාගෙන දැඩි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස රජයට යෝජනා කිරීමට හන්තාන පාරිසරික ආරක්ෂක කමිටුව විසින් තීරණය කර ඇත.

Read More

නිරෝායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 368 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලුම ජනතාව වෙත අද (18 ) දා සිට එන්නත්කරණය සිදු කරන බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.ඩ

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වෙයි.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද පැවැත්වීමට නියමිතව ති​බේ. ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.00 ට මෙය පැවැත්වීමට නියමිතයි.

Read More

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

සීදූව පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු ටී.වී. සළකුණ වැඩසටහනේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න ඔහුට ලිපියකින් පිළිතුරු ලබා දී තිබේ.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නැමැති සැකකරුට අයත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

ගේම් එකට බැස්සාම අපි දන්නවා ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් අරගෙන ඉන්නේ. ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ පසු බැසීම් එනවා. පසු බැසීමක් ආවොත් තමයි ඉදිරියට යන්නේ. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයන් දක්ෂතාවලට ඇවැති හොඳ තරගයක් දෙයි. අපේ ක්‍රීඩකයන්ව පහළ දාන්න හොඳ නෑ දිරිමත් කරන එකයි කරන්න තියේනේන් ඉදිරියට යද්දී.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 467 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් අද (17දා) කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවක් සංවිධානය කරනු ලැබුවා.

Read More

’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.

Read More

හෙට (18) සිට ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා රෝහල් ගත කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා. ‍

Read More

අද කොරෝනා ආසාදිතයන් 980 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මෙරට පුද්ගලයන් දෙලක්‍ෂ 44,706 දෙනෙකුට ඊයේ දිනයේ කොරෝනා මර්දන එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Read More

යුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.

Read More

ඔහුගේ ගී පද රචනා අතර හිමිනැති පෙමකට, වාසනා වේවා, හදිස්සියේ හනි හනිකට, උන්මාද වූ ප්‍රේමාදරේ, ආදර ප්‍රියලඳුනේ, දේව මන්දිරයේ වැනි අතිශය ජනප්‍රියට පත්වූ ගීතවෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 962ක් අද (17) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.