saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 818 hours ago

LATEST

දිල්ලි කණ්ඩායමට තියුණු ජයක්

calendar_today 2025 මාර් 25 - 08:09 remove_red_eye - 246  

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 04 වැනි තරගෙයන් එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ(24දා) සමත් විය.

පසුගිය වසරේදී HIV පරීක්ෂණ සඳහා යොමු කෙරුණ ක්ෂය රෝගීන් 8787 දෙනෙකුගෙන්, 68 දෙනෙකුට HIV ආසාදනයවී ඇති බවට අනාවරණය වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.

Read More

ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බත්තරමුල්ලේ අමාර් ශාබිර් හුසේන් අම්බාස් නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කළේය.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් 2 කණ්ඩායම අද දින (2025.03.24) දිවයිනෙන් පිටත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

Read More

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි.

Read More

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.

Read More

කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය. එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 04වැනි තරගය අද (24දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

හෙරොයින් මත්කුඩු පැකට් ස්ථානගත කරමින් (ලොකේෂන්) ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 90ක් සමග නැන්දම්මා සමග යේළිය අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

Read More

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මුල්‍යමය ආධාරයෙන් ඉකුත් 23 වැනිදින විහාර පරිශ්‍රයේ පොල් දන්සැලක් පැවැත්වූහ. මෙහිදී විහාරස්ථානයට වන්දනාමාන පිණිස පැමිණි පිරිසට පොල්ගෙඩි 2000 ක් පමණ පරිත්‍යාග කෙරිණි.

Read More

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා දැමීමේ සිද්ධියේ චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24දා)නියෝග කළේ.

Read More

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබුණු මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බව ගන්දර පොලීසිය ඊයේ (23) මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා හමුවේ වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දක්වමින් කියා සිටියේය.

Read More

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

Read More

හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (24දා) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල දික්කරාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අනතුරට ලක්ව තිබුණි.

Read More

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ඊයේ රාත්‍රී ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.

Read More

වෙඩි තැබිමේ සිදුවිමට අදාළව තුවාලකරුවන් දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරනය වන ව්‍යාජ පුවත් වලට නොරැවටෙන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ 2024 වර්ෂයේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව තුළ නව යොවුන් වියේ පසුවන්නන් (වයස අවුරුදු 10 - 19) මිලියන 3.5ක සංඛ්‍යාව අතුරින් 71%ක් පාසල් යන අතර, 29%ක් පාසල් නොයන අය වෙති.

Read More

2024 වර්ෂයේ වාර්තා වී ඇති 9,180ක් වන සමස්ත ක්ෂය රෝගීන්ගෙන් පිරිමි රෝගීන් 5,219 ක් සහ ගැහැනු රෝගීන් 3,259 ක් වාර්තා වී ඇති අතර, ළමා ක්ෂය රෝගීන් (අවුරුදු 14 දක්වා) 228ක් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතු බවද පෙන්වා දෙයි.

Read More

වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට කෙසේ වෙතත් පාතාලයට පුනරුදය උදා වී තිබෙන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දීමට ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග කොළඹ යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණි පිරිසක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදී ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.

Read More

මේ වසරේ මාර්තු 16 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 613 728ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අයි.පී.එල් ඉතිහාසයේ යළිත් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මේ දක්වා දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් සිද්ධී 27 කින් පුද්ගලයන් 22 කු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

හඟුරන්කෙත පොලිස් වසමේ දෙනිකේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පහරදී හැඳ සිටි කලිසම කතුරකින් කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භකොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.