හුංගම පොලිස් වසමේ වාඩිගල, රන්න ප්රදේශයේ නිවසක් තුල පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව හුංගම පොලිස් ස්ථානය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ තිබුණි.
ඒ අනුව 2025.10.07 වන දින උදෑසන හා සවස් කාලයේදී හුංගම පොලිස් වසමේ අඳුපැලෑන හා රන්න ප්රදේශවලදී එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ අපරාධයට ආධාර අනුබල දීම යටතේ සැකකාරියක් අත්අඩංගුවට ගෙන හුංගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 27 හා 33 වයස් වල පසුවන රන්න ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 35 ක් වන එම ප්රදේශයේම පදිංචිකාරියකි.
මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදුකරනු ලබන අතර අපරාධයට යොදා ගත් මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මන්නා පිහි 02 ක්, බෝර 12 වර්ගයේ සජීව පතරොමක් හා බෝර 12 වර්ගයේ හිස් පතරොමක් පොලිස් භාරයට ගෙන ඇත. හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.