මාතර මැද්දවත්ත ජනරජ මාවත ප්රදේශයේ දී ඊයේ (07) රාත්රී 10.00 ඵමණ පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා එම මෝටර් රථය හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වෙඩි ප්රහාරය හමුවේ එම මෝටර් රථය ටික දුරක් ගොස් අනතුරට ලක් වී නතර වී තිබේ.
එම අවස්ථාවේ එහි සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ක්රිෂාන් ජීවක ජයරුක්