ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම් සභාවට අයත් කුරුණැගල දිස්ත්රික්කයේ ඉබ්බාගමුව ප්රා දේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි රාගෙදර වත්ත ඉඩමෙන් අක්කර 70ක් මිනිරන් කැණිම සදහා පුද්ගලික සමාගමක් වෙත බදු පදනම මත ලබා දි වසර 13ක් ගතවි තිබුණද එකි ඉඩම තක්සේරුකර බදු මුදල් අයකරගැනිමට කටයුතුකර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඉඩම අදාළ පුද්ගලික සමාගමට ලබා දි වසර 13ක් ගතවි තිබුණද දෙපාර්ශවය අතර බදු ගිවිසුමකට එළබිමට කොමිෂම් සභාව කටයුතු කර නොතිබුණි. මෙකි ඉඩම රජයේ තක්සේරුකරුවකුගේ වර්තමාන තක්සේරු වටිනාකම මත තක්සේරුකොට වසර 05ක කාලයක් සදහා 2011 වර්ෂයේ පුද්ගලික සමාගමක් වෙත ලබාදිමට කොමිෂම් සභාව විසින් කොමිෂන් පත්රිකාවක් මගින් අනුමැතිය ලබා දි තිබුණි.
මෙකි ඉඩමට අදාළව කොමිෂම් සභාව විසින් ප්රධාන තක්සේරුකරු වෙතින් තක්සේරුව කැදවා ඇත්තේ 2022.08.18 වැනිදින වන අතර එහෙත් තක්සේරුව නොලැබිම මත 2023.03.29 වැනිදන පළාත් තක්සේරුකරු වෙත සිහිකැදවිමක් යොමුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
රජයේ තක්සේරුව නොලැබිම හේතුවෙන් දල තක්සේරුව මත පදනම්ව මේ වනවිට රුපියල් අසුනමලක්ෂ,තිස්හත්දහස් එකසියහතලිස්හතරක මුදලක් (8,937,144) මුදලක් අදාළ පුද්ගලික සමාගමෙන් අයකරගෙන ඇති බවත් තක්සේරු වාර්තාව ලැබුණු පසු හිග බදු මුදල අයකරගෙන විධිමත් බදු ගිවිසුමක් ලබාදිමට කටයුතු කරණ බව කොමිෂන් සභාව විසින් විගණනයට සදහන් කොට ඇත.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද