යුද්ධයේ අවසන් කිලෝමීටර් 10 තුළදී එවක ජනපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සටන් විරාමයක් දුන් බවත් එය ද්‍රෝහී ක්‍රියාවක් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
එම ක්‍රියාවට ව්‍යවස්ථාමය වශයෙන් හිටපු ජනපතිවරයා එල්ලා මැරිය යුතු බවද ඔහු පැවැසීය. මාතර පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
"මේ කාලේ නාමල් රජපක්ෂට රණවිරුගාය. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් වැරදීලු මාර කැක්කුමක් ඇවිල්ලා. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවරවෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ විසින් ජාතියට විස්තර කරලා කියන්න ඕනේ. සටන්විරාමය දුන්නේ ප්රභාකරන් ඇතුළු නායකයින්ටික බේර ගන්න.
2005 ජනාධිපතිවරණට දිනන්න ඕන නිසා ත්රස්තවාදීන්ට ඩොලර් මිලියන දෙකක් දුන්නා නම් ඒ මිනිහා ජාති ද්‍රෝහියෙක් නෙමෙයිද? අපි ත්‍රස්තවාදී එක්ක සටන් කරනවා මෙයා අවිආයුධ ගන්න සල්ලි දෙනවා. ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ බෙල්ලෙන් එල්ලලා නෙමෙයි කකුල් දෙකෙන් එල්ලලා.අනිවාර්යයෙන්ම ඒ කරපු ද්‍රෝහි ක්‍රියාවට අපේ ව්‍යවස්ථාව අනුව දිය යුතු දඩුවම තමයි එල්ල මැරීම"