saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6403 hours ago

LATEST

චීනය තුළ එන්නත් දෙකම ලබාගත් අය බිලියනය පනී

calendar_today 2021 සැප් 16 - 19:55 remove_red_eye - 170  

චීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බව සඳහන් වෙයි.

පාස්කු ප‍්‍රහාරය හා සමාන ප‍්‍රහාරයක් ඉදිරියේදී එල්ල විය හැකි බවට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය ඔස්සේ පසුගියදා සිදු කළ හෙළිදරව්ව පිළිබඳ නිසි අවධානය යොමු කර එම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලා සිටියේ.

Read More

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ඉතාලියේ මිලියන 60ක් වූ ජනගහනයෙන් 74%කට පමණ අවම වශයෙන් එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබමින්, 68%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පසුබිමක එරට තුළ මරණ 96.3%කින්ද, රෝහල් ගතවීම් 93.4%කින්ද, දැඩි සත්කාර ඇතුළත් කිරීම් 95.7%කින්ද අඩු කිරීමට එන්නත් උපකාරී වූ බව සඳහන් වෙයි.

Read More

ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍118 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත්

Read More

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කරයි.

Read More

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස නායකත්වයට සමුදීමට තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසකගේ හැසිරීම පිළිබඳ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුශ්පිකා ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

දැනට රටපුරා ක්‍රියාත්මක වෙන විදිහට පනවලා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read More

සියළු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළත් , කිසි විටෙකත් රටේ ස්වාධීනත්වයට හානි වන ක්‍රියාමාර්ග නොගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු දෙනාටම සහතික කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක මහතා පවසයි.

Read More

අනුරාධපුර බන්ධනාගාරය තුළදී පසුගියදා ඇතිවූ සිද්ධියට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් අද (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ.

Read More

අනුරාධපුර බන්ධනාගාරය වෙත හෙලිකොප්ටරයකින් ගොස් බලහත්කාරයෙන් ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා අතිශය සාපරාධී බවත් එම අතිශය සාපරාධී චෝදනා නීතියේ ආධිපත්‍ය වෙත බරපතල තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරක් පාරිභෝගික අධිකාරිය සොයා ගත්තා.

Read More

සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගැනීමට සූදානම් බව වර්ජනයේ නිරත ගුරු- විදුහල්පති වෘත්තීය සංගම්වල නියෝජිතයින් පවසා සිටියි. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බවත් මේ වන තෙක් අයදුම්පත් භාරදී නොමැති පාසල් සඳහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළ විකල්ප ක්‍රියාමාර්ග මොනවාදැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රශ්න කර සිටියේය‍.

Read More

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.

Read More

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා.

Read More

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් මහවැලි ඩී කලාපයේ ගොවීන් කාබනික පොහොර ටොන් 5000 ක් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

Read More

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරලට රුකුල් දීමට හා කාන්තා ව්‍යවසායකයන් වෙත සහාය ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (ආසන්න වශයෙන් රු මි 8000) ණයක් ලබාදී තිබේ.

Read More

මේ වන විට දෛනිකව හමුවන 2300 ක ප්‍රමාණයද සෞඛ්‍ය පද්ධතියට බරක් බවත් තවදුරටත් මෙය අඩු විය යුතු බවත් නියෙෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් මර්දන එන්නත්කරණය පිළිබද විශේෂ තාක්ෂණික කමිටුව අද පාසල් දරුවන් එන්නත්කරණය ඇතළු විශේෂ තිරණ රැසකට එළඹිමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ අන්වර් හම්දානි මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවාන්කරුවන් වෙතින් පැල මිලදි ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරිමට පරිසර අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

GSP Plus සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියි.

Read More

සංචාරක කාර්මාන්තය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නොකරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලිමක් ඉල්යි.

Read More

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ 2021 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව සියයට 8ක ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බවයි. එය පසුගිය වසරේ එම කාලසීමාව හා සලකා බැලීමේදී සියයට 12.3ක වර්ධනයක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිතුමාගේ ප්‍රශ්නයේදී ජනවරමෙන් පත්වුණු ජනපති ජනතා කැමැත්ත ඇති තීරණයක් ගනීවී යයි අපේක්ෂා කරන බවත් ජිනීවා මානව හිමිකම් සමුළුව යන අවස්ථාවේදී උණු උණුවේම මේ ප්‍රශ්නය එළියට ඒම එතරම් හොද දෙයක් නොවන බව තමන් විශ්වාස කරන බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා අද (16දා) කීවේය.

Read More

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.