කැබිනට් මණ්ඩලයේදී ලබා දෙන ලිපි අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමති ධුරය තමන්ට අවශ්‍ය නොවන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.
වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකල යුතු බවත් 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 13 වැනි දිනය සඳහා අද (07දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
2022දී ඉලක්කයක් අනුව, අරමුණක් ඇතිව, සෞභාග්‍යයේ දැක්මත් සමග ඉදිරියට යෑමට නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කළ යුතු බවත් වැඩ කිරීමට නොහැකි නිලධාරීන් සේවයෙන් ඉවත් වුවද ප්‍රශ්නයක් නොවන අතර වැඩ කිරීමට හැකි නිලධාරීන් සමග එම ඉලක්කයට යන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව වන ගහණය වැඩි කරමින් හුස්ම පොදක් ගන්න තැනට වැඩ කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් කවුරු කොහොම කකුලෙන් ඇදීමට කටයුතු කළද රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකයි මහතා සමග තමා අමාත්‍ය ධුර අහිමිවනතෙක් නිරන්තරයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් සඳහන් කළ අමාත්‍ය සී.බී රත්නායක මහතා,
අලි මිනිස් ගැටුමට වඩා අලි මිනිස් මිත්‍රත්වයකට එන්න වැඩපිළිවෙලකට යන්න ඔ්නී. අලි වැට වැටෙන් හැමදාම යැපෙන්න බෑ. අලි අගල් කැපීමට හැමදාම යන්න බෑ. ඒ නිසා එම සතුන්ට අවශ්‍ය පානීය ජලය, කෑම බීම නිර්මාණය කරමින් ඒ අවස්ථාව සලසා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සිදුවෙනවා. ඒ වගේම පැල හිටවනවා කියනවා. එන සෑම අමාත්‍යාංශයක්ම පැල සිටුවීම පටන් ගන්නවා. වන සංරක්ෂණයේ පැල තවාන තවම අවුරුද්දයි මාස ගානක් තිස්සේ කියනවා තවම හරිගස්ස ගන්න බෑ. ඒ වගේ නිලධාරීන් පිරිසක් ඉන්නේ. සමහරවිට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපිට අමාත්‍යාංශය දාලා යන්න වුනොත් දාලා යනවා. ඒකේ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියේ ජනතාවට වගකියන්න ඔ්නී. මම රටේ සමස්ථ ජනතාවටත් වග කියන්න ඔ්නී.
කැබිනට් එකේදී දෙන ලියුම් වලට අත්සන් කරන්නවත්, පාර්ලිමේන්තුවේ උත්තර දෙන්නවත් කැබිනට් ඇමතිකම මට වැඩක් නෑ. වැඩ කරන්න පුලුවන් නම් වැඩ කරන්න ඔ්නී. ගැසට් එකේ තිබෙන්නේ අරයට මෙයාට බලතල නෙවෙයි. අපි දෙන්නා සාමූහිකයි. ඒකයි මම කියන්නේ දිසානායකයි රත්නායකයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා. ඒ අනුව කටයුතු කරන්න සූදානම් වන විට කකුලෙන් අදින් ඔ්නී නෑ. මේ අමාත්‍යාංශයේ තිබෙන එක රෝගයක් තමයි ඒක. අපි දන්නවා එක වෙලාවක වනජීවී ඇමතිකම දුන්නා සරත් ෆොන්සේකා මහත්මයාට. නියෝජ්‍ය ඇමතිකම දුන්නා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට. අන්තිමට මේ දෙන්නා මරා ගත්තා. දෙන්නගෙන් එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ අනිත් කෙනා ගෙදර. ඒත් නිලධාරීන් එතනමයි.
2022දී ඉලක්කයක් කරා යන්න , අරමුණක් කරා වැඩටික කරන්න , සෞභාග්‍යයේ දැක්මත් එක්ක ඉදිරියට යන්න කාර්යක්ෂමව වැඩ කරන්න ඔ්නී. වැඩ කරන්න බැරි නිලධාරීන් ගියාට කමක් නෑ. වැඩ කරන්න පුලුවන් නිලධාරීන් එක්ක යන්න ඔ්නී. වන ගහණය වැඩි කරමින් හුස්ම පොදක් ගන්න තැනට ගේන්න අවශ්‍ය කටයුතු කරන්න කවුරු කොහොම කකුලෙන් ඇද්දත් විමලවීර දිසානායකයි සී.බී රත්නායකයි නිරන්තරයෙන්ම සූදානම් වෙනවා. යනුවෙන්ද සඳහන් කළේය.