පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්රී ලංකාවේ ප්රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් වෙත පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානයේ ගෞරවය පුද කළේය.
පාකිස්තාන අග්රාමාත්යවරයා විසින් අද (07දා) පාකිස්තානයේදී පැවැති උත්සවයකදී ඔහුගේ ක්රියාව ඇගයීමේ සහතිකයක් ප්රදානය කළේය.
මලික් අද්නාන් වෙත පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටම්ඝා අයි සුජාත් සම්මානය පිරිනමන බවද මීට ඉහතදී පාකිස්තාන අග්රාමාත්යවරයා සඳහන් කළේය.