යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් ආයතනයට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ගිවිසුම මේ සතියේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත.
කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ ගිවිසුම පිළිබඳව ලබන සතියේදී සාකච්ඡාවට ලක්කරන බවයි.
අදාළ ගිවිසුම වසර දෙකක් යනතෙක් හෙළිදරව් කිරීමට නොහැකි බවට වාර්තාවන තොරතුරුවලට පිීළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ ඒ පිළිබඳව සමාගම සමග සාකච්ඡා කරන බවයි.
මෙම ගිවිසුම පසුගිය සැප්තැම්බර් මාසයේදී අත්සන් කර ඇති අතර එයට රජයේ හවුල්කාර පක්ෂවලින්ම විරෝධයක් මතුව තිබේ.