වර්ථමානයේ මෙරට ආර්ථිකය කඩා වැටුනේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මිස ආණ්ඩුවේ කණ්ඩායම සොරකම් කිරීම නිසා නොවන බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුලු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 13 වැනි දිනය සඳහා අද (07දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර ෆේස්බුක් මතවාදයට හෝ මාධ්‍ය ජාලයකට ගැලපෙන ආකාරයෙන් ආණ්ඩු නිර්මාණය කිරීමෙන් වලකින ලෙස ආණ්ඩුවට මෙන්ම ආණ්ඩුවේ නායකයන්ට සඳහන් කරන බවත් එලෙස පිහිටුවන ආණ්ඩු කිරීමට නොහැකි වන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා,
සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදා ගත්තත් වන අලින් ගමට එන එක නතර කර ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි අලුතින් 5000ක් අරගෙන පුහුණු කරලා දාලා අපි උත්සහ කරනවා මේ තත්ත්වයක කිසියම් විදියක විසඳුමක් දෙන්න. ඒ වගේම කිලෝමීටර් 1500ක නව අලි වැටක් ඉදි කිරීම සඳහා මේ මාසේ 16 වැනිදා අපි කටයුතු ආරම්භ කරනවා අම්පාර, හම්බන්තොට සහ අනුරාධපුරයෙන්. වැඩිම අලි වැට ප්‍රමාණයක් දීලා තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මොකද පසුගිය වසරේ වැඩිම මිනිස් මරණ සිදුවෙලා තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ වගේම අලි අගල් කැපීමෙන් ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන්නේ නෑ. මම දැක්කා ෆේස්බුක් එකේ දාලා තිබෙනවා අලි අගල් කැපීම යනු නූතන පස් වෙළදාමේ අලුත්ම සංකල්පය කියලා. ඒ හැමෝටම මම කියනවා තමන් දාන දේ ගැන වගකීමක් ඇතිව දාන්න පුරුදු වෙන්න.
ෆේස්බුක් කියන්නේ අපහාස අවමාන, චෝදනා, බොරුව, වංචාව රජ කරන ස්ථානයක්. ඒත් අපි මේ අලි අගල කපන්නේ සත පහක්වත් ගෙවන්නේ නැතිව පස්ටික අරන් යන්න දෙනවා ව්‍යාපාරිකයන්ට. ඒක කරන්නෙත් ව්‍යාපාරිකයන්ට වැඳලා වගේ. කවුරුත් මේකට විසඳුම් ලබා දුන්නේ නෑ. අපි විසඳුම් ලබා දුන්නම ඒක විවේචනය කරනවා. මේ මහා ඛේදවාචකවට වෙන් කරන මුදල් වලින් අපිට මේ කටයුත්ත කරන්න බෑ.
එන්න එන්නම ආදායම අඩු වෙනවා. කොරෝනා අපිව හිර කරගෙන ඉන්නේ. මේ ආර්ථිකය වැටුනේ ඒක නිසා. මේ ආණ්ඩුවේ අය හොරකම් කරලා නෙවෙයි. සීනි ඇවෙන් හොරකම් කෙරුවා, බීලූණු බිකෙන් හොරකම් කෙරුවා කියලා හැමදාම හොරකම් කළා කියන්නේ. මේ රටේ 60,000ක් අහිංසක තරුණ තරුණියෝ ටයර් එකේ මහ මග දවා අලුකළ මිනීමරුවෝ රැලක් අපිට උපදෙස් දෙනවා ප්රජාතන්ත්රවාදය ගැන. පළාත් සභා මැතිවරණය තක්කඩි විදියට කල් දාලා, ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දාලා ප්රජාතන්ත්රවාදය විනාශ කරපු අය අපට අද ප්රජාතන්ත්රවාදය ගැන කියලා දෙනවා.
මම අපේ ආණ්ඩු කරන අයට, නායකයන් කියන්න කැමතියි ෆේස්බුක් එකේ මතවාදයට ආණ්ඩු හදන්න යන්න එපා. මාධ්‍ය ජාලයකට ගැලපෙන්න ආණ්ඩු හදන්න යන්න එපා. ඒකත් එක්ක ආණ්ඩු කරන්න බෑ. ඩඩ්ලි සිරිසේන හාල් මිලයි වී මිලයි දෙකම තීරණය කරනවා. එයා දැන් වෙළද ඇමතිද? මේවට ඉඩ දීලා ඉන්න ගියාම අපිව නිවටයෝ විදියට සලකන්නේ. ඒ නිසා අපි ලග දැඩිකමක් තිබෙන්න ඔ්නී. ඒ වගේම කියන්න ඔ්නී ආණ්ඩු ෆේල් නෑ. සර් ෆේල් නෑ. පොදුජන පෙරමුණ ෆේල් නෑ. කොරෝනා නිසා අපි ෆේල්.
යනුවෙන්ද සඳහන් කළේය.