saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 6318 hours ago

LATEST

ඇන්ජෙලා මර්කල්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන්

calendar_today 2021 ඔක් 26 - 19:30 remove_red_eye - 222  

ජර්මානු චාන්සලර්වරිය, එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්ගෙන් නිල වශයෙන් සේවයෙන් ඉවත්වීමේ සහතිකය ලබා ගත්තාය.

මෙරට මහබැංකු අධිපති තනතුර ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

සෞඛ්‍ය නීති රිති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරිම පිළිබදව කනගාටුවන බවත් සෞඛ්‍ය නීති රිති තවදුරටත් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

එලැඹෙන නොවැම්බර් 8 සිට බලපැවැත්වෙන පරිදි චීනය, ඉන්දියාව සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන්ට වූ දැඩි සංචාරක සීමාවන් ඉවත් කළ බව ධවල මන්දිරය පවසයි.

Read More

තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ආනයනය කළ පොහොර තොගය ලෝකයේ පිළිගත් ඉහළම තෙවැනි පාර්ශ්වයක් හරහා යළිත් පරීක්ෂා කරන ලෙසත් එහි ප්‍රථිඵල දෙපාර්ශවයම භාර ගන්නා ලෙසත් කාබනික පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වූ චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍

Read More

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි.

Read More

වර්ණ වාදය පිටු දැකීම සහා වර්ණ වාදය හේතුවෙන් කලු ජාතිකයින් මුහුණ පාන ගැටලු තුරන් විය යුතුයි යන්න සිහිපත් කිරීම වෙනුවෙන් ක්‍රීඩාවේදී තරගයක් ආරම්භ කිරීමට පෙර අඩක් දන නැමීමේ ප්‍රතිපත්තියක් බොහෝ කණ්ඩායම් අනුගමනය කර සිටියි.

Read More

තමා සහ චමින්ද විජේසිරි මහතා ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමක් පවතින බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පැවසීය.

Read More

කොවිඩ් ආසාදිත මරණ ඉහළ යාම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පළඳවයි.

Read More

මුතුරාජවෙල තවදුරටත් අනාරක්ෂිත බවට සුරකිමු මුතුරාජවෙල සංවිධානය චෝදනා කරනවා.

Read More

කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණි.

Read More

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20 ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිත කිරීමෙන් තොර, නව මාර්ගගත ක්‍රමවේදයක් හදුන්වා දීමට සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (26දා) කටයුත කළේය.

Read More

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ​ෆෆ් ඩූ ප්ලෙසිස් සහ පකිස්ථානු ක්‍රීඩක වහබ් රියාස් එළඹෙන LPL තරඟාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ එක් වී තිබේ.

Read More

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.

Read More

පේරාදෙණි විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

Read More

නව ඖෂධ කම්හල් තුනක් කඩිනමින් ඇරඹීමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (26) දිනෙන් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා (25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කරන ලදී.

Read More

ආගමික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කළේ යැයි අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 09 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

2022 වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ඩුබායි රාජ්‍යයේදී කෝටි ගණනක ලොතරැයියක් දිනූ බේරුවල මරක්කල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත් මහතා ඉකුත් දා දින කීපයකට ලංකාවට පැමිණියේය. ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඔහු මිලදීගෙන තිබූ බිග් ටිකට් නම් ලොතරැයියෙන් ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක් වන සම්පූර්ණ තෑගි මුදලම තමන් ඉපදී අධ්‍යාපන ලැබූ බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් පාසල් 5ක් සංවර්ධනය සඳහා ලබාදීමට ඔහු තීරණය කර තිබේ.

Read More

සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින උපදෙස් දුන්නේය.

Read More

යුරෝ මුදල් මිලියනයක් වටිනා බව කියන ව්‍යාජ නෝට්ටුවක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පිළිබඳව විමර්ශන ආරමභ කර ඇතැයි පොලිිස් මූලස්ථානය පවසයි. අදාළ පොලිස් නිලධාරියාගේ අපකීර්තිදායක හැසිරීම පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 6 ආරම්භ කිරීමට දින නියම කළ කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

Read More

ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳන ලෙස ඉල්ලා රටපුරා ස්ථාන 300 කදී සංවිධානය කළ උද්ඝෝෂණ මාලාව අති සාර්ථකව පැවැත්වුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (25 වැනිදා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී පැවැසීය.

Read More

ජනාධිපතිවරයා තමන්ගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු නොකරන තත්ත්වයට පත්වෙලා යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.