saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 6118 hours ago

LATEST

විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරීමට දේශපාලනික කමිටුවක් පත් කර තිබෙනවා

calendar_today 2021 දෙසැ 08 - 12:13 remove_red_eye - 389  

2020දී නිකුත් කළ චක්‍රලේකයෙන් පසු විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරීමට මෙතෙක් කල් නොතිබුණු දේශපාලනික කමිටුවක් පත් කර තිබෙන බවත් එලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පත් කර කමිටුවේ උසස් පෙළවත් නොමැති සාමාජිකයන් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මේ වන විට ලි ට්‍රෝ සමාගම විසින් රතු පැහැති මුද්‍රාව සහිත නව ගෑස් සිලින්ඩර වෙඳපොළ වෙත නිකුත් කරමින් පවතී.

Read More

පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නිර්දේශ ලබාදීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

Read More

පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) පස්වරුවේ ගණේමුල්ල පොල්වත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය 12/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට සත්වෝද්‍යානයතුලම උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇත. මෙම සතුන් පසුගිය මාර්තු මස 22 වන දින උපත ලබා තිබුණත් ඒ වනවිට රට වසාගන සිටි කොරෝනා වසංගතය නිසා මහජනතාවට දෑක බලා ගැනීමට අවස්ථාව අහිමිවී තිබිණි.

Read More

අද (08) සිට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳව සිය අදහස් පළ කළ ජනාධිපති පුටින් මැතිතුමා, “ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය අපි ලබන වසරේ දී සමරන්නෙමු. දෙරටේ විදේශ අමාත්‍යංශ, ආරක්‍ෂක අමාත්‍යංශ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශ අතර මෙන්ම පාර්ලිමේන්තු අතර ද යහපත් සබඳතා ගොඩනැගී ඇත. තවද, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා නොවැම්බර් 22 වැනි දින කොළඹට පැමිණ ඇත.” යනුවෙන් සඳහන් කළේය.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සොට්‍රොවිමාබ් ප්‍රතිකාරය නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ කිරීමටය.

Read More

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම හා ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ගාලු ග්ලැඩියේටරස් කණ්ඩායම සමත්විය.

Read More

දින දෙකක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් යළිත් හෙට සිට පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්වීමට තීරණය කර තිබේ.

Read More

වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම අදහස් පළ කළේ, කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පුරා ව්‍යාප්ත වී ඇති පසුබිමක වීමද විශේෂත්වයකි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට එන්.ආර්.එෆ්.සී. ගිණුම් රුපියල් බවට පරිවර්තනය කිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන වසරේ ජනවාරි මස 01 දා සිට සතියකට වැඩ කරන දින ගණන අඩු කර තිබේ. ඒ අනුව සිකුරාදා සවස, සෙනසුරාදා හා ඉරිදා දිනයන් එරට නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව ලෝකයේ වැඩකරන සම්මත දින ගණන වූ දින 5ට වඩා අඩු වැඩකරන සතියක් ප්‍රකාශයට පත්කළ ලෝකයේ පළමු රට වන්නේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයයි.

Read More

චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යයේ මාවතට අධිෂ්ඨානශීලීව අනුගත වීම සහ එවැනි පද්ධතියක් වර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් චීනය විසින් රුපියල් බිලියන 8 මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.

Read More

LPL තරගාවලියේ පස්වන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලකුණු 143 රැස් කිරීමට සමත් විය.

Read More

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මියන්මාරයේ අවුං සාන් සුකී ඇතුළු පිරිසකට සිර දඬුවම් ලබා දී තිබෙන බවත්, ඒ පිළිබඳ මෙරට ආණ්ඩුව අප්‍රසිද්ධියේ හෝ අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ඉහළ දැමීමක් සිදුනොකළහොත් ලබන වසර ආරම්භ වන්නේ, රාජ්‍ය සේවක වර්ජන හා විරෝධතාවලින් බවත්, මෙහි පළමු පියවර ලෙස හෙට (08දා) දින රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු තුනක් මුල් කර ගනිමින් එක් දින වැඩ වර්ජනයක් හා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පූටින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රටවල් හතරේ නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බව කියයි.

Read More

”ආගමට අපහාස කළ බවට යමෙකුට චෝදනාවක් එල්ල වුණොත් කිසිදු නීතීඥයෙකු හෝ අධිකාරිමය බලයක් සහිත අයෙකු එවැන්නන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. එතැනදී වෙන්නේ ඒ වින්දිතයාට දඩුවම් ලැබීමයි. මොකද හැම කෙනෙක්ම එවැනි දේවලට ඉදිරිපත් විමට බිය වෙනවා. නීතීඥවරුන් එම පුද්ගලයා වෙනුවෙන් ඉදිරියට එන්නේ නෑ. විනිසුරන් මෙවැනි නඩු විමසීමත් ප්‍රතික්ෂේප කරනවා.”

Read More

පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් වෙත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානයේ ගෞරවය පුද කළේය.

Read More

පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ උත්සවයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

Read More

LPL තරගාවලියේ පස්වන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

කිලිනොච්චිය ,පරන්තන් , උමයාල්පුරම්හි අබිලි යකඩ එක්ලැස් කරන නිවසකදී මෝටාර් උණ්ඩයක් කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස සහ අවට අද (07) සිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.

Read More

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.