ජල බිල්පත් ඉහළ දැමීමට තමන් අමාත්‍ය ධුරය දරන තාක්කල් ඉඩ ලබා නෙදෙන බවත්, එහෙත් ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස තවදුරටත් කැබිනට් මණ්ඩලය වර්ජනය කරන බවද ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලය වර්ජනය කළද, ජනතාතාවට අවශ්‍ය කටයුතු සඳහා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස ලිපිලේඛනවලට අත්සන් තබන බවත්, කැබිනට් මණ්ඩලය වර්ජනය කළත් තමන් තවමත් ජලසම්පාදන අමාත්‍යවරයා බවත් හෙතෙම පවසා සිටියේය.
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම තුළින් එම අරමුදලේ කොන්දේසිවලට යටත් වීමට සිදුවන බවත්, මේ නිසා ජාත්‍යන්තර අරමුදල සමග කටයුතු කරන ආණ්ඩුවක් සමග ගනුදෙනු නොකර‘න බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජලසම්පාදන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට ගත වන්නේ, විනාඩියක කාලයක් බවත්, තමන් ඒ පිළිබඳ සිතමින් සිටින බවත් අද (16දා) පක්ෂ 11 එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.