බටහිර රටවල සිටින රුසියානු දරුවන්ට පාසල් තුළදී හිරිහැර
යුක්රේන සහ මොස්කව් යුද වාතාවරණය මධ්‍යයේ, බටහිර ජාතීන් විසින් ජාතිකත්වයට එරෙහිව වෛරය අවුලුවාලීම නිසා බටහිර වෙසෙන රුසියානු දරුවන් පාසල් තුළදී හිරිහැරවලට ලක්වන අතරම, අන්තර්ජාලය තුළද රුසියානු දරුවන් හිරිහැරවලට ලක්වන බව Save the Children මානව හිමිකම් සංවිධානය අනාවරණය කරයි.
මෙම වදහිංසනයන් කෙතරම් දරුණු වී ඇත්ද යත්, ඩෙන්මාර්කයේ රුසියානු සම්භවයක් ඇති දරුවන් උදේ පාසලට පිටත් කර හැරීමට බිය වන බව Save the Children ජ්‍යෙෂ්ඨ උපදේශක ජෝන් ක්‍රිස්ටියාන් ලැන්ජ් එරට රූපවාහිනී සාකච්ඡාවකදී පැවසීය. බොහෝ දරුවන් පාසල් යෑමට අදිමදි කරන බවත්, ඇතැම් දරුවන් තමන්ගේ බඩ රිදෙනවා ආදී දේ කියමින් පාසල් යෑමෙන් වළකී සිටින බවත් නිරීක්ෂණය වී ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.
මෙම වෙනස්කොට සැලකීමේ බටහිර න්‍යාය චීනයේ කොවිඩ්-19 වෛරසය පැතිර යාමෙන් පසු ආසියානු සම්භවයක් ඇති දරුවන් අත්විඳි අත්දැකීමට සමාන බවද ලැජ්න් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
