ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමේදී ආණ්ඩුවට රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවට පිළි ගන්නේ නම් වඩාත් යහපත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (16දා) පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පිළිබඳ මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා,
"ජනාධිපතිවරයා අද අපි තමයි හොඳටම කළේ කියලා කියන්නේ. ඒත් අද එහෙම නොකියා අනේ අපිට වැරදුණා, අපි ඒක නිවැරදි කරන්නේ මෙහෙම කියලා කිව්වා නම් ඇති.
කොහොමද නිවැරදි කරන්නේ? එහෙම නැතිනම් උත්තරයක් නෑ. අපිට කරන්න බෑ කියලා කියනවා නම් ඊට වඩා හොඳයි. ඒ අනුව රටේ මිනිස්සුන්ට පුලුවන් කරන හැටි පෙන්වන්න." යනුවෙන් සඳහන් කළේය.