ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පොරොන්දු වූ බවත්, මේ අනුව සිදුකළ වැඩ වර්ජනය අද (16දා) දහවල් නවතා දැමූ බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව ඩීසල් මිල ඉහළ යාම හා ඩොලරය ඉහළ යාම ගණනය කර මේ මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රවාහන ගාස්තුව ලබාදීමට පොරොන්දු වූ බවද එම සංගමයේ සමලේකම් ඩී.වී.එස්. සිල්වා මහතා පැවසීය.
මීට අමතරව පසුගිය දෙසැම්බර් මාසයේදී ඩීසල් මිල ඉහළ යාමට අදාළව මේ වසරේ ජනවාරි මාසයේ සිට ප්‍රවාහන ගාස්තුවක් ලබාදීමටත් පොරොන්දු වූ බවද ඒ මහතා පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් ඊයේ (15දා) තෙල් සංස්ථා බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉවත් වූ බවද සමලේකම්වරයා සඳහන් කළේය.