saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5889 hours ago

LATEST

මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය විවෘත කෙරේ

calendar_today 2022 ජන 28 - 16:23 remove_red_eye - 343  

අධිකරණ අමාත්‍යංශයේ යුක්තියට ප්‍රවේශයක් (Access to Justice ) අධිකරණාභිමාන උතුරු පළාත් ජනඅභිමුව ජංගම සේවයට සමගාමීව රුපියල් මිලියන 309ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීිෂණය කර නිල වශයෙන් විවෘත කිරීම අද (28දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙර

’’සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ඌවේ ප්‍රධාන ආර්ථික වෙළද මධ්‍යස්ථානයක් වන හපුතලේ නගරයේ කඳු පාමුල පිහිටි බෙරගල නගරය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු මේ වන විට කඩිනමින් අවසන් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුඛයේ ශල්‍ය කර්මයකට ලක්වූ බවට පසුගියදා පළ කළ වාර්තා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෙරළ තීරයන් එක් දිනකදි පිරිසිදු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ’’සයුර රකින රැල්ල’’ වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන පසුගියදා ගාල්ල දෙවට වෙරළ තීරයේදී පැවැත්විණ . මෙම වැඩසටහන සඳහා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියහ.

Read More

කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීම, පරීක්ෂා කිරීමේ වැඩසටහන පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කරන බව ඊයේ (27දා) දැනුම් දුන්නත් ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු එය කල් දමා ඇති බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එන්.අකුරන්තිලක මහතා අද (28දා) සඳහන් කළේය.

Read More

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී , එරට දී මිය ගිය ශ්‍රී ලාංකීය ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27දා) රාත්‍රී ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට පියවර ගෙන තිබුණි .

Read More

තුර්කියේ විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුස්ග්ලූ මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරය තුළ තිබියදී ටී81 වර්ගයේ ජීව උණ්ඩ 85ක් හමුව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.

Read More

ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පූගොඩ පොලිස්ථානාධිපතිවරයාට පහර දීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ .

Read More

දැනට අපේ රටේ බහුලව භාවිතා කරන ප්ලාස්ටික් හැඳි නිසා සිදුවන පාරිසරික හානිය ගැන අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රට තුළ මාසයකට ප්ලාස්ටික් හැඳි මිලියන 50ක් වශයෙන් වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600ක් භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බව සඳහන් කළේය. විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරේ. මේවා භාවිතා කරන්නේ එක් වරක් පමණි.

Read More

හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන ධාවනය වු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි දහසය දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (28) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්විය.

Read More

වසංගතයේ මුල් කාලපරිච්ඡේදය තුළ යුරෝපයේ වෛරස කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ ස්පාඤ්ඤය, 2020 ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් මිලියනයක් වාර්තා වූ ලොව ප්‍රථම රට බවට පත්විය.

Read More

වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු මහා පරිමාණ මහවැලි ජලාශ තුළ පාවෙන සූර්ය පැනල සවිකොට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි .

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

ආපදා සහන සහ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණය සඳහා රට වෙත හදිසි සැපයුම් ලබාදීම සඳහා චීන අලුත් අවුරුද්දට දිනකට පෙර, එනම් ජනවාරි 31 වැනි දින නාවික යාත්‍රා එවන බව චීන හමුදාව පිටත්ව යාමට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Read More

ජනවාරි 31 දා තෙක් විදුලිය කැපීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සදහා නව පත්වීම් ලද අධ්‍යක්ෂ මණ්ඩලය ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරුන් හමුව පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු විය.

Read More

සුබ්‍රමනියම් ජයිශංකර් කියා සිටියේ, ’’මෑතකදී තමා සමග සම්බන්ධ වූ සියලු දෙනාට සුදුසු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස තමන් ඉල්ලා සිටිනවා’’ යනුවෙනි.

Read More

රෝහල් රැසකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං පණිවුඩයක් තබා තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු කෝවිඩ් ආසාදිතව විශ්වවිද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

Read More

පෝලන්තය බදාදා දිනයේ වාර්තාගත නව දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවක් සටහන් කළ අතර, එය දැක්වුණේ ආසාදිතියන් 53,420ක් ලෙසිනි.

Read More

ශ්‍රී ලාංකික ජනතාවට, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් පතා සහ රටේ ඉදිරි ගමනට ආශිර්වාද සමගින් නව වසරකට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරිමේ අරමුණෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ (26දා) මහානායක, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කරවූ දහසකට අධික මහා සංඝරත්නය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කල්මඩු කුලම් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත සැකකරුවන් 12 දෙනෙකු ට්‍රැක්ටර් 5 ක් සමගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කෝවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

Read More

යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනෙක් අද (27දා) පානදුර මූලික රෝහල් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ගිලන්රථ රියදුරෙකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද හමුදා ගොවිපළේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙළීම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

Read More

මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ, පසුගිය දෙසැම්බර් 31දා වනවිට අවසන් කළ යුතු ව්‍යාපෘති 99 න් 45ක් සිදු වී නොමැති බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ, මහරගම සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණ විය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 05 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 5, 018,241ක් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.