saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5584 hours ago

LATEST

අලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්

calendar_today 2022 මාර් 28 - 20:30 remove_red_eye - 151  

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහලහාහින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිසපොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

එලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් මගින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ’’බරපතල අදහසක්’’ ඇතිවී තිබෙන බව පවසයි.

Read More

ඉහළ අනුපාත දුන්නොත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීම / අවලංගු කිරීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

සබරගමු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරන ලද “ආයුෂ් ගම්මාන වැඩසටහන” අද (28දා) කෑගල්ල දිඹුල්ගමුව ගම්මානයේ දී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More

දේවාලේගම ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක් බිඳ වී ගෝනී 21 ක්, බුදු පිළිම, අට පිරිකර, පිඟන් කෝප්ප සොරකම් කරගෙන ගොස් සිටි සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව දේවාලේගම පොලිසිය කියයි.

Read More

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

Read More

මැදමූලන සිට ශ්‍රිපාද වන්දනාවේ ගිය 76 හැවිරිදි නඩේ ගුරෙකු ළිහිණිහෙල අසලදි හෘදයාබාධයක් ඇතිවිමෙන් මියගොස් ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේදි පැවති හදිසි මරණ පරික්ෂණයේදි හෙළි විය.

Read More

ඉන්ධන මිළ ඉහල යාමත් එය ලබා ගැනිමට පෝලිම් වල රැඳී සිට කාලය කා දැමිමට සිදුවිමත් සමග පුත්තලම හා හලාවත ධීවරයින් තමන්ගේ පැරණි තෙප්පම් යළිත් රැකියාව සඳහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.

Read More

සිය දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1 ක අතිරේක ණය පහසුකමක් ඉල්ලා ඇති බවට හෙළි නොකළ මූලාශ්‍ර දෙකක් සඳහන් කරමින් රොයිටරස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28දා) බත්තරමුල්ල, ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවිය.

Read More

කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියෙකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ.

Read More

අලව්ව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මිරිහෙලිය ප්‍රදේශයේදී අද (28දා) සවස සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

Read More

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

Read More

ඉහළ පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ කොල්ලුපිටිය සිරිකොත මාවත නිවස බිඳ සොරා ගෙන තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරකු සොරා ගෙන තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවෙි බහුතරය ලියවිල්ලකින් පෙන්නුවද තව වසර දෙකහාමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිමට ජනාධිපතිවරයටවත් බලයක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය ඊයේ (27දා) සවස මාතරදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය.

Read More

මිනිස්සුන්ට කෑම නොමැතිවූ විට කෑමට දෙයක් ලබාදෙන බවට සඳහන් කළ විට ඔවුන් ඕනෑම දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

අනීතිකව සිදුවන අයථා අන්‍යාගම්කරණය මෙම පළාතේ සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වන බවටත්, එය වහා නැවැත්වීමට නීති සම්පාදනය කළ යුතු බවත් පූජ්‍ය කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක් ද තම අදහස් ප්‍රකාශ කළහ.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (28දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන හළකට ගොස් තිබේ.

Read More

දරුණු අලාභ හානි විඳීමෙන් පසු රුසියාව කියෙව් ප්‍රදේශයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සිදු වී ඇති බව යුක්රේන හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලය පවසයි.

Read More

මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි නීතිවිරෝධී දැල් කිලෝ 1418 ක් ඇතුලු ආම්පන්න තොගයක් සමගින් පුද්ගලයෙකු ඊයේ (27දා) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිදුකළ ගුවන් මෙහෙයුම් අද (28දා) සිට අත්හිටුවීමට තරණය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

Read More

පානදුර ජුබිලි මාවතේ ගාල්කර තිබූ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් ගිනිගෙන දැවී ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි .

Read More

ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින්, එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

හාල් ඇතුළු අත්‍යවශ්‍ය ‍ ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10 කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින් කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම දරු පැටවුන් සමග බත් වෙනුවට තම්බාගත් අල වර්ග වලින් කුස පුරවා ගැනීමට සිදුව ඇති බව දලුකාන ආදිවාසී පවුල් සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ තිබෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය. එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

විදේශීය සංචාරකයින්ට මුහුදට මුදාහැරීම සඳහා කැස්බෑ පැටවුන් විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු කැස්බෑ පැටවුන් 64 දෙනෙකු සමග සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි.

Read More

සොජාන් ක්‍රමයට කොස්ගොඩ කරිජ්ජපිටිය පුරන් වෙල්යායේ පොල් පැල සිටුවීමේ වැඩසටහනකටඅද (28දා) ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට ප්‍රදේශයේ ගොවියන්ගේ විරෝධය එල්ලවුහ

Read More

ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේනේතුවේ ආසන 44ක් දුන්නා මිනිස්සු, 44ට දීලා බැරිනිසා 24ට බැස්සුවා. 24ට බැරිනිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා දැන් ගිය ඡන්දයේදී දෙකට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා කථාව ලස්සනයි. සුරංගනා කථා කියන්න හරිම ලස්සනයි අනුර දිසානායක. හැබැයි ඡන්දය ගණන් කළාම පෙට්ටියේ බඩු නෑ. අමාරුයි කියලා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මේ රටෙ ජනතාව ලෑස්ති නෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.