පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අවුරුදු 36ක් වන හෝමාගම, මාගම්මන පදිංචිකරුවෙක් මෙසේ අත්අංගුවට ගෙන තිබේ.
සැකකරු කුඩා වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය කියයි.
කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිදුවිම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 07ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියයි.