මෙරට පවත්නා අර්බුද තත්ත්වය හේතුවෙන් ඉන්දියාවෙන් නැවතත් ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (24දා) භාර දෙනු ලැබිණි.
මෙම ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 14,700 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 250 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 38 ක් ඇතුලත් වේ.
ආධාර තොගය ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක පමණ වටිනාකමකින් යුක්තය.