පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24දා) නියෝග කළේය.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33කපාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම එම නඩුව පවරා තිබුණි.