ලංකා ධීවර සංස්ථාව හා ස.තො.ස ආයතනය අතර ඇතිකර ගත් ගිවිසුමක් මත රජයේ ආහාර සුරක්ෂතා වැඩ පිළිවෙල යටතේ ජනතාවගේ ජීවන බර අඩුකර ලීම උදෙසා රුපියල් 1350ක් වටිනා මාළු කිලෝ 01ක් සහිත බජට් පැක් එකක් සහ කෙලවල්ලන් කිලෝ 01ක් සහිත පැකට්ටුවක් රුපියල් 1000ක මුදලකටත් අලෙවි කිරීම අද(24දා) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් වොක්ෂොල් වීදියේ පිහිටි සතොස ප්‍රධාන වෙළද සැලේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවේදී සභාව ඇමතූ අමාත්‍ය දේවානන්දා රටේ පවතින වර්ථමාන තත්වය හා ඉන්ධන අර්බුධය හමුවේ මාළු මිල සීග්රයෙන්ඉහළ යන බවත් කෙසේ වෙතත් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව හා ජනතාවට ඇති වී තිබෙන මන්දපෝෂණ තත්වයෙන් ගලවා ගැනීම රජයේ වගකීමක් බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම රටේ පවතින ආර්ථික තත්වය සමග මාළු මිල හා තරඟකරමින් අඩුම මිලට නැවුම් මාළු ගුණාත්මක බවින් හා සෞඛ්‍යාරක්ෂිතව ලබාදීමට සංස්ථාව කටයුතු සලසා ඇති අතර, පාරභෝගිකයාට පහසුවන පරිදි විශේෂ ඇසුරුමකින් ද රැගෙන යා හැකි පරිදි සැලසුම් කිරීම මෙම බජට් පැක් එකේ විශේෂත්වයක් වන බවද ප්‍රකාශ කළේය.
තවද ධීවර අමාත්‍යාංශය සිය වගකීමක් ලෙස ධීවර සංස්ථාව මගින් ජනතාවට දරාගත හැකි මිලකට මාළු අලෙවි කිරීම සදහා මෙම වැඩපිළිවෙල සකස් කල අතර මෙය ඉතා හොදින් ක්‍රියාත්මක කල හොත් මෙම අවස්ථාවේදී ජනතාවට සහන ලබා දිය හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය , ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ චතුරංග උඩවත්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.