අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් විධිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති වැඩ සටහන් කිහිපයනට සහභාගි වීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් ඊයේ (24 ) යාපනයට පැමිණියා.
අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ මහ ජනතාගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර ඇති අතර එම කටයුතුවලට හා සිංහල හින්දු මිත්‍රත්ව සංගමයේ වැඩ සටහන් කිහිපයකට එක් වීම අධිකරණ අමාත්‍යතුමාගේ යාපනය සංචාරයේ අරමුණයි.
යාපනයට පැමිණිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ විශේෂයෙන් 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සදහා කටයුතු කළ යුතු බවත් , ජාතික සමගිය ඇති වන ආකාරයෙන් එය ඉටු කළ යුතු බවත් , ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සදහා නීතියේ ආධිපත්‍ය්‍ය සුරක්ෂිත විය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
සියලු ජාතීන් අතර සමගිය සහෝදරත්වය තවදුරටත් වර්ධනය විය යුතු අතර රාජ්‍ය සේවය ඇතුළු සේවාවන්ගේ සමානාත්මතාවය ඇති විය යුතු බවත් අධිකරණ අමාත්‍යතුමා යාපනය සංචාරය ආරම්භ කරමින් සදහන් කළේය.
අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ මහ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර ඇති බවත්, එම කාර්යාල මගින් යාපනය ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණ බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙරට පැවති යුදමය වාතාවරණයෙන් පසුව ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම සාමය ඇති කිරීම හා ප්රතිසන්ධානය ඇති කිරීම වෙනුවෙන් ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලය ස්ථාපිත කර තිබේ.
යුද්ධයෙන් අතුරුදහන් වු ජනතාවගේ පවුල් වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදු කිරීම ඔවුන් වෙනුවෙන්
වන්දි මුදල් ලබාදීම හා යුද්ධයෙන් හානි වු දේපළ සම්බන්ධව කටයුතු කර අදාළ පියවර ගැනීම සදහා හානි පූර්ණ කාර්යාලය හා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය ස්ථාපිත කර ඇත.
