saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 5525 hours ago

LATEST

කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස SSP කන්දෙවත්ත පත්කරයි

calendar_today 2022 අප්‍රේ 21 - 20:22 remove_red_eye - 756  

කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්. කන්දෙවත්ත මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලිමට පත්කර තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පැවසුවේ මෙම ආධාර යුක්රේන ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉවහල් වනු ඇති බවය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ගේ අඳෝනා අහසට මොර දෙන බැවින් මෙම අපරාධයට සම්බන්ධ වූවන්ට වැඩි දවසක් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්වීදීමට සිදු වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

Read More

ඊශ්‍රායල් මහ බැංකුව විසින් ඩොලරය, යුරෝ සහ බ්‍රිතාන්‍ය පවුම් සඳහා පමණක් වූ නිරාවරණය අඩු කරමින් විදේශ විනිමය කොටස යළි සකස් කරයි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

Read More

රුසියානු ධජය සහිත, එරටට අයිති හෝ ක්‍රියාත්මක වන නෞකා එක්සත් ජනපද වරායන් පිළි නොගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි.

Read More

ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

Read More

රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.

Read More

ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකෙරෙන බවත් වාර්තා වේ.

Read More

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවැසි සහය ලබාදෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති මහජනතාවගෙන් ඉල්ලා සිටී

Read More

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්විය. මරණයට පත්වූ අයගේ අවසන් කටයුතු හෙට (22දා) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතය.

Read More

හර්නියා රෝගයෙන් දැඩි ලෙස වේදනාවට පත්වී සිටි තමාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගහහේන ප්‍රාදේශීය රෝහලෙන් නාගොඩ මහා රෝහලට යැව්වත් ,නිර්වින්දන ඖෂධ සහ ශල්‍යකර්මයේදී භාවිතා කරන ඖෂධ නොමැති බව පවසා නැවත එම ගිලන් රථයෙන්ම හරවා එවූ බව කටුගහහේන රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගියෙක් පවසයි.

Read More

ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ඉන්දීය ණය යටතේ ශ්‍රී ලංකාවට ඊයේ (20දා) රැගෙනවිත් තිබේ

Read More

තම වාසස්ථානයෙන් බැහැරට ගමන් කිරීමේද පෙර පරිදිම මුව ආවරණ පැළදිම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ් අනුව මීට පෙර මුව ආවරණ පැළදීම සම්බන්ධයෙන් වූ ලිහිල් කිරිම් වලංගු නොවේ.

Read More

ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල දැමිම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයට විරෝධය පලකරමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් අද (21දා) බගවන්තලාව නගරයට පැමිණ උද්ඝෝෂණයේ නිරත විය.

Read More

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ගේ නිවාස වලට පහර දී අලාභ හානි කිරීමේ චෝදනාවට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතා අද (21දා) ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසයි.

Read More

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට සහය දක්වමින් හා රඹුක්කන පොලිස් වෙඩි තැබිමට එරෙහිව දික්ඔය ඉන්ජස්ට්‍රි වතුයායේ පුද්ගලයකු ගසකට නැග විරෝධය පලකර ඇත

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය තමන් සහ ආණ්ඩු ඉටු කරන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායත, මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී වසර 03ක් පිරීම නිමිත්තෙන් මිය ගිය පුද්ගලයන් සිහි කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුලු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද (21දා) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ෂබ්දතාවය රැකීමට කටයුතු කළහ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් අද (21දා) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.

Read More

පසුගිය අවුරුදු 12ම මම පාර්ලිමේන්තුවට මගේ වත්කම් බැරකම් දිලා තියෙනවා. මම සූදානම් විගනනය කරන්න. මම විගනනය කරලා ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Read More

තෙල් මිල ඉහළ දැමීමට ජනපතිවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. හර් ෂ ද සිල්වා මහතා පාර් ලිමේන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.

Read More

ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදිමට චීනය ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ජනතාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරි අවස්ථාවේදී ඒ් සඳහා උපකාරයක් ලෙස මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙයි.

Read More

පසුගිය 16 දා කිසිම පුද්ගලයෙක් ඒන්නත ලබාගෙන ‌නොතිබුණි. මේ දක්වා ශ්‍රි ලංකාවේ පුද්ගලයන් 79 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව මෙන්ම ‌සමස්ත ලෝකයම මහත් කම්පාවට පත්කරමින් අන්තවාදීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ පල්ලි කිහිපයකට හා ප්‍රසිද්ධ හෝටල කිහිපයක් ඉල්කක කර ඒල්ල කළ පාස්කු ප්‍රහාරයට අදට (21දා) වසර තුනක් සම්පූර්ණ වෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝක ජනගහනයෙන් 80%ක් පමණ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බවට ගණන් බලා ඇත. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194න් 170ක් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බව වාර්තා කර ඇත.

Read More

රඹුක්කන ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පසුගිය 19දා පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (21දා) පෙරවරු 5.00ට ඉවත් කළ බව පොලීසිය සඳහන් කරයි

Read More

’’නව RS-28 Sarmat අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පද්ධතියට ඉහළම උපායශීලී සහ තාක්ෂණික ලක්ෂණ ඇති අතර, සියලුම නවීන මිසයිල නාශක ආරක්ෂකයන් විනිවිද යාමට හැකියාව පවතිනවා. එයට සම කිරීමට ලෝකයේ කිසිදු අවියක් නොමැති අතර, තවත් දීර්ඝ කාලයකට එවැන්නක් නොතිබෙනු ඇති’’ යනුවෙන් පුටින් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.