saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5296 hours ago

LATEST

ඇමෙරිකාව මන්කිපොක්ස් ප්‍රභේද දෙකක් හඳුනාගෙන

calendar_today 2022 ජුනි 04 - 18:15 remove_red_eye - 176  

එක්සත් ජනපදයේ බොහෝ රෝගීන් යුරෝපයේ මෑත කාලීන සිදුවීම්වලට සමාන ප්‍රභේදයක් නිසා ඇති වූ නමුත් සාම්පල කිහිපයක් වෙනස් ප්‍රභේදයක් පෙන්නුම් කරන බව ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

ජුනි මස 6දා සිට 12 දා තෙක් විදුලිය කප්පාදුකරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජුනි 6 දා සිට 10 දා දක්වා පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය. මීට අමතරව ජුනි 11 දා හා 12 දා පැයක බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Read More

චීන නියෝජිතයින් කියා සිටියේ පකිස්ථානය සමග ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ප්‍ර වේශපත්‍ර අලෙවිය ආරම්භව තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

හැම උදෑසනම අපි නැව් වලට ගෙවීමට ඩොලර් මිලියන 20ක්, 30ක්, 40ක් සොයා ගන්නේ කොහොමද කියලා හිතනවා. එකකට ගෙවන්න බැරිවුණොත් එදින හිඟයක් ඇතිවෙනවා. ඔබට රජයක් මෙහෙම ගෙනියන්න බෑ. අපේ නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. ආහාර නැතිවේවි.

Read More

බරපතළ හානියක් වීමට පෙර, රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය, බලධාරීන් විසින් වහා විසඳිය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම වෙනුවෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම රුසියා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.

Read More

කොළඹ වැල්ලවත්තේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නිවසේ ආරක්ෂාවට සිටි සෙබෙලෙක් වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.

Read More

චීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ (03දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එවා තිබුණි.

Read More

රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.

Read More

චීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇත.

Read More

ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

යුක්රේන ධාන්‍ය ප්‍රවාහනය සඳහා ආධාර කිරීමට මොස්කව් සූදානම් නමුත් බටහිර සම්බාධක නිසා එය කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

බීජිං පරිපාලනය යුරෝපීය ආරක්ෂාවට සහ වටිනාකම්වලට අභියෝග කරන බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසයි.

Read More

හෙට දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව ප්‍රකට යූ ටියුබ් නිර්මාණකරුවෙක් වන රතිඳු සේනාරත්න (රැට්ටා) ඇතුළු පිරිසකට අධිකරන ආඥාවනික් නිකුත් කර තිබේ.

Read More

සූර්ය බලය සහ උදම් බලය යන දෙකම භාවිත කරන චීනයේ පළමු වැනි දෙමුහුන් බලශක්ති ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයෙන් වැඩ අරඹයි.

Read More

වැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

Read More

නව පර්යේෂණ මගින් අඩු ආදායම්ලාභී අනුපාත සහ එංගලන්තයේ රැකවරණ නිවාස කරා යන අතිරේක දරුවන් අතර සෘජු සම්බන්ධයක් තහවුරු වෙයි.

Read More

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර ගත කිරීමට අද (3දා) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්‍රීවරයා නැවත රෝහල් ගත කළ බව වාර්තා වේ.

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම අසීරු නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අද (03දා) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

Read More

ආහාර හිඟයක් ඇතිවීමට තිබෙන තර්ජනය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා සඳහන් කළේය.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තම වැටුප ක්‍රීඩා අරමුදල සඳහා බැර කිරීමට කටයුතු කළේය.

Read More

කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read More

පානදුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණ නිර්මල මාවතේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Read More

පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212ක් සමග මන්ත්‍රීවරයා අද (3දා) අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

ලාෆ් ගෑස් සමාගම සඳහා ගෑස් තොගයක් රැගත් නෞකාවක් හෙට (4දා) මෙරටට ළගාවීමට නියමිත බව වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.