ලොරි - වෑන් ගැටී අයෙක් රෝහලට
හයිලෙවල් මාර්ගයේ මීපේ හන්දියේ දී (අද 14දා) පස්වරුවේ සිදුවූ ලොරි සහ වෑන් රථ අනතුරකින්, එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, එහිදී වෑන් රථයේ රියදුරුයැයි පැවසෙන පුද්ගලයෙකු වෑන් රථය තුළ සිරවී සිටියදී, ප්‍රදේශයේ ජනතාව එක්ව ඔහු ඉන් මුදාගෙන 1990 සුවසැරිය ගිලන් රථය මගින් රෝහල් වෙත යැවීම සිදු කරන ලදී .
මෙම අනතුර හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ මීපේ හංදියේ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර, පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ අනතුරට පත් වාහන එම ස්ථානයන් ඉවත්කර මාර්ගයේ රථ වාහන ධාවනයට ඉඩ සලසා දීම සිදු කෙරුණි.
පාදුක්ක පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පාදුක්ක. ඩී. එන්. රෙක්සි


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

