නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු ,පළතුරු සහ මල් නානුඔය දුම්රිිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමට ඇති හැකකියාව පිලිබදව (14) දින අදාල බලධාරින් නානුඔය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
ජනාධිපතිති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් අගෝස්තු 30දා නව රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය තුලින් මුදල් වෙන් කෙරූ යෝජනාවක් වන උඩරට එළවළු පලතුරු සහ මල් දුම්රිය අරහා නානුඔය සිට කොළඹ කොටුව දක්වා ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කිරීමේ මූලික සාකච්ඡාවක් (14) පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයයේදි පැවත්වින .
මෙම ව්‍යාපෘති සැලසුම් සාකච්ඡාව හා ක්ෂේත්‍ර නිරීක්ෂණය දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ) වජිර සමන් පොල්වත්තගේ , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් සහ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි, නානුඔය දුම්රය ස්ථානයේ ස්ථානාධිපති ජානක විරසිංහ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් හා පෞද්ගලික අංශ කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම නිරික්ෂණ චාරිකාව සහ සාකච්චාව පැවැත්වින.
මෙහිදී නුවරඑළිය කදපොළ රාගල හා නානුඔය දුම්රිය ස්ථානයට යාබද ප්‍රදේශවලින් දුම්රිය ස්ථානය වෙත එළවළු ගෙන්වාගැනීමේ ක්‍රමවේදයන් , එළවළු දුම්රිය ස්ථානය වෙත බා ගැනීම හා නැවත දුම්රිය වෙත ආරක්ෂාකාරීව පැටමීම සිදු කළ යුතු ආකාරයන් , එළවළු ඇසුරුම් කළ යුතු පිළිවෙල , ව්‍යාපෘතිය සඳහා අතිරික්ත සේවක මන්ඩලයක් යොදාගත යුතු අවස්ථාවන් , කාලය කළමනාකරණය කර ගනිමින් නියමිත වේලාවට එළවළු තොග ලබා ගැනීමට හා බෙදාහැරීමට කටයුතු කළ යුතු ආකාරය , එළවළු රැගෙන එන ලොරි රථ ගාල් කිරීම සඳහා රථ වාහන අංගනයක් සකස් කිරිම , එළවළු ආරක්ෂාකාරීව තබා ගැනීමට අවශ්‍ය ස්ථානයක් දුම්රිය ස්ථානය තුළ සකස් කිරීම , වැඩවර්ජන හා හදිසි ආපදා තත්ත්වයකදී අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග හා හැකි විගසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය .
ව්‍යාපෘති සැලසුම් සාකච්ඡාව හා ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මහතා කියා සිටියේ රට තුළ පවතින ඉන්ධන හිඟයට හා උඩරට එළවළු ලොරි රථ මගින් ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන කටයුතු සඳහා වැයවන අතිවිශාල මුදල ඉතිරි කර ගැනීම වෙනුවෙන් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව ජනාධිපතිතුමා වෙත කළ යෝජනාවකට අනුව ජනාධිපතිතුමන් විසින් මුදල් ඇමැතිවරයා වශයෙන් අතුරු අයවැයේදී ඉදිරිපත් කර මුදල් වෙන් කර ඇති උඩරට එළවළු නානුඔය දුම්රිය ස්ථානය සිට කොළඹ කොටුව දක්වා ආරක්ෂිතව ප්‍රවාහනය කර ප්‍රවාහනය කරනු ලබන අස්වනු ප්‍රමාණයෙන් 100% ක් ප්‍රයෝජනයට ගත හැකි වන පරිද්දෙන් පාරිභෝගිකයන්ට හා ව්‍යාපාරිකයන්ට බෙදාහැරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අදහස් ලබා ගැනීමෙ මූලික පියවර වශයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි ,
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා වශයෙන් ඉකුත් දිනක පැවති සාකච්ඡාවක දී තමන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම බෙහෙවින් වටිනා බව කාලෝචිත ක්‍රියාවක් බවයි. ,
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මෙම යෝජනාව වගේම ජනාධිපතිවරයා වෙත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව විසින් ඉදිරිපත් කළ ඇති එළවළු පලතුරු හා මල් ගොවියන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට හා ව්‍යාපාරිකයන්ට ආර්ථික වාසියක් සිදුවන යෝජනා මාලාව නොබෝ දිනකින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා පොරොන්දු වූ බවයි ,
එම යෝජනාවලියට අයත් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා සෑම දුම්රිය ස්ථානයකම එළවළු අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ කටයුත්තද ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග එක්ව අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි.
