රනිල්ට ලෝකයේ රටවල් බයයි
කඩා වැටුණු ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තැබිය හැකි දර්ශනයක්, වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුගේ ඒ ගමන් මඟ සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශව එක්ව කොන්දේසි විරහිතව ඔහු ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය ලබාදිය යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ අද (14) දින ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
"අප සිතා බැලිය යුතු ප්‍රධාන කාරණයක් තමයි ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථිකය ජය ගැනිම සඳහා ක්‍රියා කරන්නෙ කෙසේද කියලා. එතනදී අනිත් රටවල් අපිව අභිබවා යන්න ක්‍රියාකිරීම වරදක් නොවේ.
එය සාධාරණයි. එය එසේ කළ යුතුයි. අපි දැනගත යුතුයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කොතනද සිටිය යුත්තෙ කියලා. ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂවල කුළල් කා ගැනීමත් සමග අද වනවිට ශ්‍රී ලංකාව පහතට ඇද වැටී තිබෙනවා.
සියලුදෙනා එකඟ වෙලා එකඟතාවයකට ආපු නිසා අප නිදහස ලබා ගත්තා.
නමුත් 1952 න් පසුව එම සමගිය නැතිවූ නිසා අද වනවිට වෙනත් ජාත්‍යන්තර සංවිධාන ඇතුලත් වෙලා තිබෙනවා. ඒ ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාවය පරාජය කරන්න නම් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට එකට සිට ගත යුතුයි. ඉන්දියාවේ අය ඉන්දියානුවන් හැටියටත්, ඇමරිකාවේ අය ඇමරිකානුවන් හැටියටත්, චීනයේ අය චීන ජාතිකයන් හැටියටත්, සෝවියට් දේශයේ අය සෝවියට් වැසියන් හැටියටත් සිට ගන්නවා.
එහෙනම් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විශේෂයෙන්ම දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කළ යුතුයි. ඒ අයට අවශ්‍ය විදියට හැසිරීමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකාවේ මහජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයින්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා.
ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එතුමා දුටුවම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත්, බය තිබෙන්නෙත් දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා.
ජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්න. රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලුදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා.
එහෙම කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි 2048 වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබන්න පුලුවන් වේවී. පාර්ලිමේන්තුවේ එතුමාගේ රාජාසන කතාව ගත්තොත් එය දිව යනවා 2048 දක්වා. එහි ප්‍රතිඵල ලබන්න අපි එතුමලා නැතුව ඇති. හැබැයි මේ රටේ ඉන්න පරම්පරාව ඒ ප්‍රතිඵල භුක්ති විඳීවී. "
popular news
-
Joseph de Silva Wednesday, 14 September 2022 11:32 PM
It is high time for the President to chase this boot livket away He came to know as a real back stabber who plotted with the Avonguard thief to discredit addl. Solicitor General Wikramasinghe and throw away all major corruption cases against political rogues with Rajapakses.
Reply : 0 0
mahendra wijeratne Thursday, 15 September 2022 02:07 AM
stupid statement to say world is scared of Ranil This man is useless to the whole world nobody knows who this man is only knows he is corrupted power hungry man
Reply : 0 0
rocky Thursday, 15 September 2022 06:37 AM
Baye hangenawa athi .. Naya illayi kiyalaa!
Reply : 0 0
prachanda Thursday, 15 September 2022 06:47 AM
Ranilta lokema bayailu, Baya ethi Thopiwage Pimpiyo Apinan Baya ne ...Ko
Reply : 0 0
DILUM Thursday, 15 September 2022 10:04 AM
ow ow anith ratawal bayai mahabankuwa kadaganna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

