saravita-anim2

2026 මාර්තු මස 09 වන සඳුදා

2026 මාර්තු මස 09 වන සඳුදා

Latest News - timelapse 5514 hours ago

LATEST

මැලේසියා රැකියා සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඔක්තෝබරයේ

calendar_today 2022 සැප් 22 - 16:10 remove_red_eye - 339  

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය එම්. සරවනන් මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්

ලොව පුරා මිලියන ගණනක් සාගින්න අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස ආහාර අර්බුදය අවුලුවා ඇති බවද පෙන්වා දෙයි.

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව එක්සත් ජනපදයට චෝදනා කළ අතර ’’කට වහගෙන සිටින ලෙස’’ වොෂිංටනයට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

Read More

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයෙන් මෙම මස රාජ්‍ය සේවකයන්ගේ වැටුප නොලැබෙන්නේද යන්න පැහැදිලි කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසීය.

Read More

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

Read More

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවසන් තීරණයකට පැමිණිමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

විහාරස්ථාන වල විදුලිබිල වැඩි වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැඩි තීන්දු තීරණ ගන්නා බවට ප්‍රකාශ කර තිබෙන බවත්, එම තීරණ සමග තමන් ඇතුලු සමගි ජන බලවේගය සිට ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා ඊයේ (21දා) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

Read More

පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව බෙදා හැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් තේ තොගයක් පාකිස්තානයට පරිත්‍යාග කර තිබේ. පාකිස්තානයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම තේ තොගය පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් තිබෙන අසීරු අවස්ථාවේදී ඇමෙරිකාව තවදුරටත් ශ්‍රි ලංකාවට සහාය ලබාදෙන බව දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්මනයිට් තොගයක් ත්‍රිකුණාමලය වරායෙන් චීනය බලා පිටත් කර හැරිය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි

Read More

පැස්තුඩුවන් විශාල රංචු ලෙස මේ දිනවල තබ්බෝව ජලාශයෙ සැරිසරණ ආකාරය දැක ගත හැකිය.

Read More

ආහාර නිෂ්පාදනය සහ සංවර්ධන කටයුතු සඳහා, සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස්කරන ලෙස, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස අලුතින් පත් කෙරුන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.

Read More

විදෙස්ගතව පැමිණෙන ගුවන් මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යෑමේදී දැරීමට සිදුවන අධික පිරිවැය සැලකිල්ලට ගනිමින් ගුවන් සේවා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය කියයි .

Read More

දේශීය ලොකු ලූනු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් විදේශීය ලොකු ලූනූ තොග විශාල වශයෙන් අඩු මුදලට අලෙවි කිරීම නිසා මේ තත්වය උදා වී ඇති දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.

Read More

අත්‍යාවශ්‍ය ඖෂධ 383න් ඖෂධ 91ක හිඟයක් තිබෙන බවත්, කෙසේ වෙතත් ඖෂධ හිඟ තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමේ තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා අයතන බදු දැලෙන් රිංගා යන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කළේය.

Read More

යුක්රේනයේ යුද්ධය මාස හතකට ආසන්න කාලයක් කරා ළඟා වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ අර්ධ බලමුලු ගැන්වීමක් නිවේදනය කළේය.

Read More

සති අන්තයේ සිට මහ නුවර හා අනුරාධපුරට නව සුඛෝපභෝගි දුම්රිය ගමන් වාර දෙකක් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද(21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ ගැහැණුන් සිව් දෙනෙකු ඊයේ ( 20) රෑ අම්බලන්ගොඩ කුලීගොඩදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

රටින් ගෙන්වන හාල් පරිභෝජනය කරනවාට වඩා ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව නිපදවන හාල් පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හිතකර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ත්‍රි පෝෂවල පිළිකාකාරක ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසිය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය මීට පෙර නිකුත් කළ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තරය තුළ දැඩි අවධානයක් යොමුවූ චීනයේ පර්යේෂණ නෞකාව යළිත් චීනයේ ජියෑන්ෂු වරායට සඳුදා දිනයේදී ළඟා වී තිබේ. මෙම නෞකාව පසුගිය මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි අතර එය ජාත්‍යන්තර තුළ වඩාත් අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවටද පත්විය.

Read More

ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත් ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත් ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබුණි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.