ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
2006 සිට 2007 දක්වාත් නැවත 2012 සිට 2020 දක්වාත් අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ අතර ඔහු වැඩිම කලක් ජපානයේ අග්‍රාමාත්‍යධුරය හෙබවූ පුද්ගලයාද වෙයි. 67 හැවැරිදි වියේ පසුවූ අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
ජපාන සංචාරයේදී ජනාධිපතිවරයා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට නියමිතය.
ජපාන සංචාරයෙන් අනතුරුව පිලිපීනය බලා යාමට නියමිත ජනාධිපතිවරයා එහිදී පිලිපීන ජනාධිපති බොන්ග්බොන්ග් මාකෝස් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයා සිය පිලිපීන සංචාරයේදී සැප්තැම්බර් 29 වැනි දින පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගි වීමට නියමිතය.