පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් සොයා ගනියි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය කියයි .
අද (21) සවස ගැටඹේ දෙවනි රාජසිංහ මාවත ආරම්භ වන ස්ථානයට මඳක් නොදුරින් මාවැලි ගඟ මැද පාවෙමින් තිබියදී පේරාදෙණිය පොලීසිය විසින් සොයාගෙන තිබේ .
අංජන කුලතුංග නමැති 24 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය ඉකුත් 16 වැනිදා සිට ක්‍රියා ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණියට පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබුණි. එහි සඳහන්ව තිබී ඇත්තේ ඔහුට බාධාවක් නොපැමිණියහොත් මහවැලි ගඟ අයිනක තිබි ඔහුගේ ශරීරය සොයාගත සොයාගත හැකිවනු ඇති බවයි .
ශිෂ්‍යයාගේ දෙමව්පියන් විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණ අතර ඒ අනුව අද (21) ශිෂ්‍යයාගේ මෘත දේහය මහවැලි ගඟේ තිබේ හමුව තිබේ. පසුව ඔහුගේ දෙමව්පියන් පැමිණ ශිෂ්‍යයා ඔවුන්ගේ පුතා බවට හඳුනාගෙන හඳුනාගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඔහුගේ මෘත දේහය බොහෝ සෙයින් නරක් වී තිබූ බවයි. පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

