මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ ගැහැණුන් සිව් දෙනෙකු ඊයේ ( 20) රෑ අම්බලන්ගොඩ කුලීගොඩදී සැකපිට පශ්න කිරීම සදහා අත්අඩඟුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැමියන්ට දරුවන් බලා ගැනීමට භාරදී මේ ගැහැණුන් සිව්දෙනා මුදල් ඔටුවට බූරුවා ගැසීමට ගොස් සිටියදී තමන්ට කොටුවූ බවද පොලීසිය කියයි.
මුදලට සූදු ගසන කාන්තාවන් වැඩියෙන්ම අම්බලන්ගොඩින් වාර්තාවීමත් සමගම මේ තත්වයෙන් අම්බලන්ගොඩ මුදවා ගැනීම සදහා බල ප්ර දේශයේ අනෙක් කටයුතුවලට සමගාමීව මේ මෙහෙයුමද අම්බලන්ගොඩ දිගටම කියාත්මක කරන බව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති පධාන පොලිස් පරීක්ෂක පී.එන්.කේ.විතානගේ මහතා කීය.
මව්වරුන් මෙසේ දරුවන් නිවසේ තනිකොට බූරුවා කෙලීමට යාමෙන් ඔවුනගේ ළමයින්ද නොමගට යාමේ අවධානමද අම්බලන්ගොඩ වැඩිවී ඇති බවද විතානගේ මහතා කීවේය.
බූරුවා ගසා සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැණුනු ගෑනුන් සිව්දෙනා පොලිස් ඇපමත මුදා හැර පසු දිනයක ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීස් ස්ථානාධිපති පධාන පොලිස් පරීක්ෂක පී.එන්.කේ.විතානගේ මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත