විහාරස්ථාන වල විදුලිබිල වැඩි වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැඩි තීන්දු තීරණ ගන්නා බවට ප්‍රකාශ කර තිබෙන බවත්, එම තීරණ සමග තමන් ඇතුලු සමගි ජන බලවේගය සිට ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුව විසින් විදුලි බිල ඉහළ දැමීම හරහා පැවති තත්ත්වය කණපිට ගැසීමක් සිදු කර ඇති බවද අද (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
මෙලෙස ආගමික සිද්ධස්ථාන වල විදුලි බිල 450%කින් පමණ ඉහළ දැමීම හරහා වර්තමාන ආණ්ඩුව සියලු ආගම් විනාශ කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, විදුලිබිල වැඩි කිරීමට පෙර නායක ස්වාමීන් වහන්සේලා මුනගැසී සාකච්ඡාවක් කර යුතුව තිබූ බවත් එහිදී අදහස් පළ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.