එළඹෙන මහ කන්නයට ජලය ලබා දීමට වැව් 20 ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. ඉන් වැව් 11 ක් ජලය මුදා හැරීමට දැනට සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර ඉතිරි වැව් 9 හි සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් දෙකක දැඩි පෝලිම් දක්නට ලැබිණි.
Read More2022 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ 1.6ක් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2021 වසරේ පළමු කාර්තුව හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය සියයට 1.6කින් පහළ ගොස් තිබේ.
Read Moreදර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේ ඊයේ (28දා) රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාර මාරුවීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය පවසයි.
Read Moreටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපන්විල, මඩු කැලේ ප්‍රදේශයේ නිවසක සුරතල් මසුන් ඇතිකරන පොකුණකට වැටීමෙන් අවූරුදු 3ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
Read Moreනේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.
Read Moreඅත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreකැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreයුක්රේනය විසින් ක්‍රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වෙදෙව් අනතුරු අඟවයි.
Read Moreජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.
Read Moreඑක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද නව වාර්තාවක් පවසයි.
Read Moreරටේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ලිංගික වෙළඳාම සඳහා කාන්තාවන් යොමු වීම ඉහළ ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් අදාළ පරීක්ෂණ මවුවරුන්ට පමණක් නොව සැක සහිත ලිංගික හැසිරීමක නිරත වූ සියලු දෙනා සිදුකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි .
Read Moreඅමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින කිහිපය තුළ ව්‍යාවස්ථානුකුලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍යආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවසීය. පනත් කෙටුම් පත ගැසට් පත්‍රයක්මගින් ප්‍රසිද්ධියට පත් කර දින හතක් ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය
Read Moreකොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු අද දින (2022.06.28) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 721 වන කණ්ඩායමයි.
Read Moreශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා කටාර් එනර්ජි සමාගමේ සහාය හා කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව ඛනිජ තෙල් නිශ්පාදන, එල්.පී.ජී. හා එල්.එන්.ජී. ලබාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡ කර තිබේ.
Read Moreඅතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිස් සේවයට වාර්තා කිරීමේදී ඇති වී තිබෙන ඉන්ධන ගැටලු, ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා බලධාරීන් වැඩපිළිවෙළක් සකස් නොකිරීමට විරෝධය දක්වා හෙට (29දා) සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය. අද පැවති ජී 7 සමුළුවේදී ඇමෙරිකානු ජනපතිවරයා මේ පව නිවේදනය කළේය.
Read Moreආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreනීතිවිරෝධී අයුරින් ඩීසල් ලීටර් 3000 ක් වව්නියාව නෙළුම්කුලම් පොලිස් වසමේ පට්ටානිචූර් ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සඟවා තිබියදී වෙළඳසැල් හිමියා සමග අත්අඩංගුවට ගත්බව වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය පවසයි.
Read Moreබස්ගාස්තුව සියයට 30කින් වැඩි කිරිමටත් අවම ගාස්තුව රුපියල් 40ක් කිරීමටත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇති බව වාර්තා වෙයි.
Read Moreහිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා ගමන් ගනිමින් සිටි බව කියන වාහනයකට දැඩි ජනතා විරෝධයක් පළකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා තවත් දෙදෙනෙක් ජනපති මන්දිරයට පිවිසීම වැළැක්වීම වෙනුවෙන් පොලීසිය ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගය වසා දැමීමට කටයුතු කරමින් සිටියි. මේ අනුව ජනපති මන්දිරය අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර අහෝසි කළ මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට මහ බැංකුව සැලම් කර තිබේ. ඒ අනුව ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’යන සමාගම් මෙසේ ඈවර කිරීමට නියමිතය.
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධනහල් 116ක් වෙත ඔවුන්ගේ ත්‍රිකුණාමලය පිහිටි පර්යන්තයෙන් ඩිසල් හා පෙට්‍රල් අද දිනයේදි නිකුත් කරන බව එම සමාගම සඳහන් කරයි.
Read Moreසියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 1,220 ඊයේ (27) ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreඉන්ධන ලබාදීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල් වල සිට මෙරට සංචාරයට පැමිණ සිටි සංචාරක කණ්ඩායම්වලට වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (28දා) උදේ උදෑසන දඹුල්ල අයිඕසී පිරවුම්හලක් ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreමාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් ඊයේ (27දා) සවස වටලා එහි ගබඩා කර තිබු ඩීසල් ලිටර් 900 ක් සොයා ගත් බව මාරවිල පොලීසිය කියයි.
Read Moreඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමග දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයොගී කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම්වලට අවසර දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක අරමුදල් ප්‍රමාණයක් ලබාගැනීමට ඇමෙරිකාව සමග ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More