saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 513 hours ago

LATEST

අයි.පී.එල්. අවසන් වටයේ තරග හෙටින් ඇරඹේ

calendar_today 2025 මැයි 28 - 15:00 remove_red_eye - 283  

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ(27දා) අවසන් විය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති වැඩසටහනේ ප්‍රධාන අරමුණුවලට පටහැණිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වයඹ පළාත සඳහා අවස්ථා තුනකදි රුපියල් දෙකෝටි, අසුදෙලක්ෂ, පනස්දෙදහස්, තුන්සියහැත්තෑහයක් වටිනා (28,252,376) කාර්යාල උපකරණ මිලදි ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන 05/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.

Read More

දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රා 2ක ගොඩබිමට රැගෙනවිත් තිබේ.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සභිකයන් ගැසට් පත්‍රයේ පළකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේය. සමහර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු සභිකයන්ගේ නාමලේඛන අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත ඊයේ (27දා) වන විටත් ලබා දී නොමැති බවද පැවසීය.

Read More

අවශ්‍යතාව පිළිබඳ නිසි ඇගයීමකින් තොරව පේරාදෙණිය රාජකීය උද්හිද උද්‍යානයේ 200 වැනි සැමරුම සඳහා මිලදී ගෙන තිබූ රුපියල් හැටලක්ෂ,හැත්තෑ දෙදහස් හාරසිය හතරක් වටිනා (6,072,404) සමරු පලඟනා හා සමරුම් පොත් තොගයක් වසරකට අධික කාලයක් තිස්සේ අලෙවි කරගත නොහැකිව නිෂ්කාර්යයව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් හෙම්වගේ මහතා කීවේය.

Read More

කොළඹ කොටස් හුවමාරුව අද (27දා) ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 18.7ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙය වසර හතරකට පසුව වාර්තා කළ ඉහළම දෛනික පිරිවැටුම ලෙසද සැලකෙයි. ඊයේ දිනය තුළ රුපියල් බිලියන 14 කට ආසන්න අගයකට සිදු වුණු හැටන් නැෂනල් බැංකුවෙහි සියයට 9.99 ක කොටස් ගනුදෙනුව මෙම පිරිවැටුම සඳහා හේතුව විය.

Read More

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වාහන අවභාවිතක් කරන බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධය හමුවකදී හෙළිදරව්වක් කළේය. ඔහු තමාගේම වාහනය භාවිත කරමින් නිවාස සංවර්ධන අධිකාරියෙන් වාහන දීමනා ලබන අතරරේ රාජකාරී වැඩ සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ සංචිතයේ ඇති වාහන භාවිත කරමින් සිටින බව උදය ගම්මන්පිල මහතා චෝදනා කළේය.

Read More

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාවේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට වඩා මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් භාවිත කරන පිරිසක් සිටින, වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හුවමාරුවන ප්‍රදේශයක් මෙන්ම අඩු වයසින් ගැබ් ගැනීම් හා මව පියා හැරගිය ළමුන් බහුලව සිටින ප්‍රදේශයක් බවට හඳුනාගෙන ඇතයි කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් කුලතිලක මහතා පවසයි.

Read More

මෙරට රැඳී සිටින වෛද්‍යවරු රැක ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුනොත් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකියි

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙරට දේශිය වෙළෙඳ පොළට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන 9151 ක් ගෙන්වා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරිත්වය කියයි.

Read More

“තරගකාරීත්වය වර්ධනය කරමින් වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිරීමට අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයක්’’ - අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති

Read More

කොටහේන සුමිත්‍රාරාම මාවත ප්‍ර දේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පළා යාමේ සිදුවීමට අදාළව සැකකරුවන්ට පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ අද (27) නඩු පැවරීය.

Read More

සිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කළ බවත්, එමෙන්ම රාජ්‍ය ගෞරව සහිතව සිදු කළ යුතු කටයුත්තකදී ලබා දිය යුතු යම් පහසුකම් සහිතව එය සිදු කළ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ජාතික ජන බලවේගයට බලය හිමිව තිබෙන මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරයට මන්ත්‍රීවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරීතත්වයක් උද්ගතව ඇත්තේ එම ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර තරඟයක් ඇතිවීම හේතුවෙනි.

Read More

ඇඹිලිපිටියේ කෙසෙල් අලෙවි කර ගැනිමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් හොඳ තත්ත්වයේ ඇඹුල්කෙසෙල් කිලොවක් රුපියල් 20ක් හා දෙවැනි මට්ටමේ ඇඹුල් කෙසෙල් කැනම රුපියල් 20-30ක් අතර මිළකට තොග වෙළදුන් ලබා ගන්නා බව ගොවින් පවසයි.

Read More

දකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ විය.

Read More

තමන්ට ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම යෝජනාව සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේය.

Read More

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට කැබින්ට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ගුරු අධ්‍යාපනඥයින්ට බලපා ඇති උග්‍ර වැටුප් විෂමතාව හා සේවයේ උසස් වීම් ක්‍රියාවලිය තුළ ඇති දැඩි අසාධාරණය ඇතුලු වෘත්තීය ගැටලු සඳහා අධ්‍යාපන ඇමැතිවරිය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පා ගුරු අධ්‍යාපනඥයෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචර්ය වෘත්තීය සංගමය පවසයි.

Read More

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලංපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලංත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි අරඹුක්ගල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක් කරලා මහත්මිය විසින් බව කෙහෙළිය රඹු කරල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේශාක් අනුජා ලක්මාලි මහත්මියට ඊයේ 26 දැනුම් දුන්නේය.

Read More

ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත් කළ සභාපතිනිය ඇතුළු නිලධාරීහු සමත් වූහ

Read More

නෙළුව ප්‍රාදේශිය සභාව සදහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයෙන් ලැබි තිබු රුපියල් හැටඅටලක්ෂයක් වටිනා (6,800,000) වටිනා ලිටර් 6000කින් යුත් ජල බවුසරය භාවිතයට නොගෙන නිශ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

සමාජ මාධ්‍යයේ සංසරණය වන පුද්ගලයෙකුට පහර දීමේ වීඩියෝ පටයකට අදාළව ගොකරැල්ල පොලිස් ස්‍ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.