සිසුවියකගේ දෙඅත්වලට 160 වාරයක් කෝටුවකින් පහරදුන් ටියුෂන් ගුරුවරයෙකුට ඇප
ගණිතය ප්‍රශ්ණ පත්‍රයට ලකුණු අඩුවු බව පවසා සිසුවියකගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලද උපකාරක පංති ගුරුවරයෙකු රුපියල් ලක්ෂ තුන බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහත්මිය නියෝග කළාය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ පවන් අරුණානන්ද ප්‍රේමවර්ධන නමැති උපකාරක පංති ගුරුවරයෙකි.
මොහු තම දියණියගේ දෙඅත් වලට ඉකුත් 12 වන දින කෝටුවකින් 160 වාරයක් පහරදී ඇති බවට ඇයගේ පියා විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇය කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
ගාල්ල නගරයේ උපකාරක පංතියකදි මෙම පහරදීම සිදුව ඇති අතර පසුව සිසුවියගේ ඥාතීන් තමන්ටද පහර දුන් බව පවසා ගුරුවරයාද රෝහල් ගතව ඇත.
අ.පො.ස.සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවිය ගණිතය සඳහා මෙම උපකාරක පංතියට ගොස් ඇත.එහිදි සැකකරු ගණිතය ප්‍රශ්ණ පත්‍රයක් ලබාදී ඇති අතර එම ප්‍රශ්ණ පත්‍රයට මෙම සිසුවිය ලකුණු 32ක් අඩුවෙන් ලබාගෙන ඇත.
පසුව සැකකරු එක් ලකුණකට එක් පහර බැගින් සිසුවියගේ දෙඅත් වලට 160 වාරයක් පහරදී ඇත.පසුව ඇයගේ දෙමව්පියන් ඇය කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඥාතින් පිරිසක් ඔහුටද පහරදී තිබේ.
පරීක්ෂණවලදි අනාවරණයවී ඇත්තේ සැකකරු උපකාරක පංතියේ ගණිත විෂය උගන්වන විශ්ව විද්‍යාලයක දෙවන වසරේ සිසුවෙකු බවය.
ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්.ජයවීර මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනෝදනි මහත්මිය සමග සැරයන් ප්‍රියන්ත ( 54511) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

