saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5073 hours ago

LATEST

නඩු කටයුතු මග හැර රට පැන්න අයෙක් ආපසු එද්දී අල්ලයි

calendar_today 2022 ජුලි 28 - 09:47 remove_red_eye - 343  

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් නඩු කටයුතු පවතිද්දී අධිකරණය මගහැර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිට දිවයිනට පැමිණෙමින් සිටී පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි දී සිදුකරන බව වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

Read More

මහඔය ගොවිජන සේවා කාර්යාලය මගින් මහඔය ප්‍ර දේශයේ ගොවීන්ට ලබාදීම සඳහා ගොවි සංවිධාන වෙත නිකුත් කරන ලද යූරියා පොහොර තොගයක් ගොවින්ට ලබා නොදී වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමට සම්බන්ධව පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.

Read More

රත්මලාන, සිල්වා මාවත ප්‍ර දේශයේදී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන බෙදා හැරීමට සාර්ථක වර්ධනයක් අත්කරගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ගෝඨාගෝගම හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ වේරංග පුෂ්පික අත්අංඩංගුවට ගත් බව පොලිසිය පවසයි.කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් රාජ්‍ය දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (27දා) සවස් කාලයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

වැඩබන ජනපතිලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීතිය අද (27දා) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 57කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ය 63ක් ලැබුණි.

Read More

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශ්යේ දීඝවාපි පල්ලචේන ප්‍රදේශයේ විදුලිය සැර වැදීම නිසා ඇතෙකු මියගොස් තිබේ. මෙම ගම්මනායේ වැසියෙකු විසින් තම ඉඩමේ ආරක්ෂාව සදහා මෙම අනවසර විදුලිරැහැන් ඇද ඇති රාත්‍රි කාලයේ මෙම ප්‍රදේශයේ සැරි සරමින් සිටි ඇතා මෙම විදුලිරැහැනේ ගැටී මියගොස් තිබේ.

Read More

වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් යල කන්නයේ අස්වැන්නෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

වර්තමාන පාලනයට සමාජය තුළ සුජාත භාවය තිබුනද නොතිබුණද මෙම පාලනය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පාලනයක් බවත්, කවරුන් අකමැති වුවද රට පාලනය කරනුයේ එම පාලකයන් විසින් බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතුම් එක් කරමින් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යල‌යේ සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ජනපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පවත්වා තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ දුටු රිදී රේඛාව පැය 24ක් යන්නට පෙර අන්ත අන්ධකාරයක් බවට පත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක ණය පහසුකම් ඉල්ලා ඇති බව බංග්ලාදේශයේ ස්ටාර් පුවත්පත වාර්තා කරයි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පහසුකම් ඉල්ලා ඇති දකුණු ආසියාවේ තෙවැනි රට බවට මේ වන විට බංග්ලාදේශය පත්ව තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලාඇලේ ගුණා ගෙ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගෙන ගෙන තිබූ පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී ඊයේ (26 දා)අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

Read More

වර්තමානයේ සිදු කරනු ලබන අරගලය සහ ගාලු මුවදොර අරගල භූමිය රට අස්ථාවර කරන සහ රටේ පාලකයන් නෙරපා හැර ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරන තිප්පොලක් බවට පත් නොවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය

Read More

ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27දා) දහවල් වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

‘කෝවිඩ්’ රෝග ලක්‍ෂණ ඇති දරුවන් පාසල් වෙත යොමු කිරීමෙන් වළකින්නැයි ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

Read More

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (27දා) දින සිට දිනයක් වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් ලබා දීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් සති දෙකක කාලයක් අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව වාර්තා වේ.

Read More

’’ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවීම වෙනුවෙන් ණය ලබා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස IMF වෙතින් ඉල්ලා සිදුකළා’’ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට පුද්ගලයින් මිලියන 04 ක් ඊයේ (26දා) රාත්‍රී වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

එය චීනයේ ටියාන්ෂෝ පන්තියේ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ තුන්වැනි මෙහෙයුම වන අතර, ටියාන්ෂෝ-2 ට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැවත සැපයීමේ දෙවැනි මෙහෙයුම වේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබේ.

Read More

යුරෝපා සංගමයේ සාමාජික රටවල් අඟහරුවාදා බ්‍රසල්ස්හිදී බලශක්ති අමාත්‍යවරුන් හමුවීමෙන් පසු මෙම ශීත සෘතුවේ ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් කපා හැරීමට එකඟ වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.