saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5056 hours ago

LATEST

පෙට්‍රල් එන දිනය අහන්න ගිය දියණිය මරුට - මවට බරපතලයි

calendar_today 2022 ජුලි 31 - 10:35 remove_red_eye - 1422  

පෙට්‍රල් ලබා දෙන ඉදිරි දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි මවක් සහ දියණියක්, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ටිපර් රථයක ගැටීම හේතුවෙන් ඊයේ (30දා) සිදුවූ අනතුරකින්, එම දියණිය ජීවිතක්ෂයට පත්ව ඇගේ මව බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කරන ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරිමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුරුඳුවත්ත, ඇලැක්සැන්ඩ්‍රා ප්‍ර දේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් මැණික් ගල් අඩංගු සේප්පුවක් සොරකම් කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

Read More

වසර 20කට පසුව වෙළඳ භාණ්ඩ විදේශ වෙළඳාමෙන් අතිරික්තයක් නිර්මාණය වී තිබේ. 2021 වසරේ ජුනි මාසයේදි ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1248ක් බවට පත්ව ඇති අතර වෙළඳ භාණ්ඩ ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1226ක් බවට පත්ව තිබේ. මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක වෙළඳ අතිරික්තයක් නිර්මාණය වී තිබේ

Read More

එළැඹෙන 01 දා සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසිය. ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

Read More

මේ උදා වී තිබෙන්නේ අන්තිම අවස්ථාව. අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕන. අඩු ගානේ පොදු අවම වැඩසටහනක් ඇති කරගන්න ඕන. ඒ වැඩකටයුතු කිරීම තමයි අපිට තියෙන මූලික කාර්යය. ඒක කරන ගමන් අපේ බුදු දහම ආරක්ෂා කරන වැඩකටයුතුත් අපි අමතක කරන්නේ නෑ.

Read More

දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුනු හිස තල්මසෙකු දැලක පැටලී සිටින අතර, ඉක්මනින් උදව් නොකළහොත් ජීවිතයට තර්ජනයක් වන තුවාල සිදුවිය හැකි බව කියයි.

Read More

අඛණ්ඩව දින තුනක් තිස්සේ 100 ඉක්මවා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදී 83ක් දක්වා පහත බැස තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665626ක් දක්වා ඉහළ ගියේය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) ප්‍රධාන භූමිය සහ තායිවානය අතර සමුද්‍ර සන්ධිය හරහා ෆුජියන් පළාතේ වෙරළට ඔබ්බෙන් හමුදා අභ්‍යාස දියත් කර ඇත.

Read More

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාදීමට බබර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු කුමාර සමත්විය. බර්මින්හැම්හි පැවැත්වෙන තරගාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 55 කාණ්ඩයෙන් ඔහු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

Read More

මෙම නව සීමාව සෙනසුරාදා දහවල් සිට ක්‍රියාත්මක වන බව හංගේරියානු අගමැති කාර්යාලය නිවේදනය කර තිබුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම කල් යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනත් තැනකින් මුදල් ලබාගත් පමණින් මෙම අර්බුද නොවිදෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මගේ ගෙදර හදලා මම ගෙදරට ගියාට පස්සේ ඔයගොල්ලෝ විශාල පෙලපාලී යන්න මගේ ගෙදර පසුකරලා රනිල් ගෙදර යන්න කියලා. නැත්නම් ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන්න එපා. ගම හදන්න නැත්නම් ගෙදර ගෙදර හදන්න. මට ගෙදර යන්න කියලා කියන්න එපා.”

Read More

එක්සත් ජනපදයේ රසකැවිලි පාරිභෝගිකයින්ට මෙම හැලොවීන් සමයේදී රසකැවිලි නොමැතිව එය සැමරීමට සිදුවිය හැකි බව රසකැවිලි සමාගම් පවසයි.

Read More

මම ජනපතිධුරය භාර ගත්තා. ආර්ථික ප්‍රශ්නය විසඳිලා නෑ. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක, රැකියා නැති වෙන එක අද සංවර්ධනයට මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම තියෙනවා.

Read More

ග්වතමාලාවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන්ට තුවක්කුකරුවන් පිරිසක් විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇත.

Read More

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

රටපුරා පවතින ඉන්ධන හිගය නිසාවෙන් එළවළු මිල විශාල වශයෙන් පහත බැස්වීමට සිදුවෙන බවත් රටපුරා ඉන්ධන ජාවාරම් නිසා එළවළු ගොවීන් මෙන්ම එළවළු මිල දී ගන්න වෙළෙන්දන්ද පීඩනයට පත් කර ඇති බවත් දඹුල්ල ආර්ථික මධ්යස්ථාන පැමිණි වෙළෙන්දෝ මෙන්ම ගොවීහු පවසති.

Read More

පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම 2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විමට හෝ ඉගෙනුම් කි‍්‍රයාරකම් සිදුකිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමෙන් අනතුරුව එක් දිනක් තුළ එම ක්‍රමය භාවිත කළ වැඩිම ඉන්ධන හල් සංඛ්‍යාව ඊයේ (29දා) වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතයේ විශාලතම තවත් රැල්ලක් ලෝකය අත්විඳිමින් සිටින අතර, එය ඔමික්‍රොන් BA.5 උප ප්‍රභේදය මගින් සිදුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

2022 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් බවට පත්ව තිබේ. මෙහිදී ඇඟළුම් හා රෙදි පිළි, රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල වර්දධනය කැපී පෙනෙන ලෙස පෙනෙන්ට තිබේ.

Read More

ගාලුමුවදොර මුහුදු තීරයේ පාවෙමින් තිබූ පිරිමි මෘත දේහය හඳුනාගෙන තිබේ. මෙම මෘත දේහය ඊයේ (29දා) සවස් කාලයේදි සොයා ගැනින.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අට දෙනෙක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

Read More

අද (29දා) නව කොවිඩ් ආසාදිතයන් 143ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙ අනුව අඛණ්ඩව දින තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගියේය.

Read More

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි..

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබේ. අද පෙරවරුවේදී ජනපතිවරයා සියලුම මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකරමින් මෙම ආරාධනාව සිදු කළේය

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය අද දිනයේදී ඉන්ධනහල් 931ක ක්‍රියාත්මක කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම එම ක්‍රමවේදයට මේ දක්වා වාහන මිලියන 4.6ක් ලියාපදිංචි වී ඇති බවද ඔහු සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයට අදාළෂ අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතම් කර්නර් මහතා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එළැමෙන 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (29) නියෝග කළේය .

Read More

ශ්‍රී ලංකාව බංකොලොත්වීමට ප්‍රධාන හේතුවෙක් වූයෙ චීනය විසින් ශ්‍රී ලංකාවට පාරාන්ධ ණය හා ඵලදායි නොවන ව්‍යාපෘති බව ඇමෙරිකාවේ සමන්තා පවර් කළ චෝදනාව චීනය ප්‍රතික්ෂේප කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.