ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සමගිපුර මහල් නිවාසයක තුන්වන මහලෙන් කුඩා පිරි දරුවෙකු බිමට දැමීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම සිදුවීම ඊයේ (24දා) සිදුව ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවා කොළඹ රිජ්වේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු එක හමාරවක් වන දරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි. නිදා සිටි දරුවා තුන්වන මහලේ ජනේලයකින් බිමට දමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මවගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.