චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඩිසල් මෙට්‍රික් ටොන් 9000 (ඩීසල් ලීටර් මිලියන 10.6) රැගත් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව තිබේ. සුපර් ඊස්ටන් නැමැති මෙම නෞකාව අද (26) දිනයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ළඟා වීමට නියමිතය.
මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ගොවීන් හා ධීවරයින්ගේ අවශ්‍යතාව අනුව ඔවුන් වෙත නොමිලයේ බෙදා හැරීමට නියමිතය.