ධීවර සංස්ථාවේ 2019 වර්ෂය සදහා විගණාකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ඊයේ (25) රැස්විය.
ලංකා ධීවර සංස්ථාවේ පවතින ගැටලු සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ධීවර සංස්ථාව ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙහිදී ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය වන ආර්.එම් අයි රත්නායක මහත්මියට සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන්ට පහත දැක්වෙන කෝප් කමිටු නිර්දේශ ලබා දෙන ලදී.
[1]. 2016 වර්ෂයේදී ලංකා ධීවර සංස්ථාව ලාභ ඉපැයීම සදහා බද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් තිරණයක් ගෙන තිබුණි. නමුත් මේ වෙන තුරු එය ක්‍රියාවට නැංවී නොමැති බව කෝප් කමිටුවට නිරීක්ෂණය විය. හැකි ඉක්මනින් ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සලසා කෝප් කමිටුව දැනුවත් කිරීම.
[2]. ලංකා ධීවර සංස්ථාවේ මූලික අරමුණ ක්‍රියාත්මක කිරීමට ගැලපෙන ආකාරයට සංයුක්ත සැලැස්ම නැවත සකස් කරන්නෙ කෙසේද යන්න කෝප් කමිටුවට දැනුම් දීම.
[3]. එම සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන තාත්වික ක්‍රියාමාර්ග ඇගයීමක් සකස් කොට එහි දළ සැලස්ම 2023 ජනවාරි 3 ට පෙර කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
[4]. ලංකා ධීවර සංස්ථාවේ ණයගැතියන් හඳුනාගැනීම සහ ණය රැස් කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සති 3 ක් ඇතුළත කෝප් කමිටුවට දැනුම් දීම.
[5]. රු මිලියන 600 ක පමණ ප්‍රමාණයක් වන ලංකා ධීවර සංස්ථාවේ සේවක අර්ථසාධක අරමුදලට (EPF) සහ සේවක භාරකාර අරමුදලට (ETF) ගෙවීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සති 2 ක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කිරීම. එලෙස ප්‍රමාද වීම ඉතාමත් නරක පූර්වාදර්ශයක් බවද කෝප් සභාපතිවරයා සදහන් කළේය.
[6]. 2018 සිට ප්‍රමාදවී පවතින ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තා සහ විගණකාධිපතිතුමාට සපයන මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව තාත්වික ඇගයීමක් සති 2 ක් ඇතුළත කෝප් කමිටුවට දැනුම් දීම.
[7]. ධීවර සංස්ථාව ලාභ ලබන ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන අකාරය පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කිරීම.
1957 වසරේ සම්මත කරන ලද පනතකට අනුව 1965 වසරේදී පිහිටුවනු ලැබූ ධීවර සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරීත්වය පනතේ අරමුණුවලට වෙනස් බව මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය. මසුන් ඇල්ලීමේ මෙහෙයුම්වල නිරත වීම , මත්ස්‍ය පිරිසැකසුම, මත්ස්‍ය ආනයනය හා අපනයනය යනාදී පුළුල් කාර්යන් පනතේ සදහන් වුවද අද වන විට සිදු වන්නේ මත්ස්‍ය වෙළදාම පමණක් බවත් මෙහිදී හෙළි විය.
මත්ස්‍ය වෙළදාම පමණක් සිදුකිරීම සදහා රාජ්‍ය සංස්ථාවක් අනවශ්‍ය බවත් එබැවින් ධීවර සංස්ථාවේ කාර්ය භාර්ය වඩාත් පුළුල් වී එය ලාභ ලබන තත්ත්වයට පත්විය යුතු බවත් කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව පනත සංශෝධනය කිරීමට හෝ කාලීන නව අරමුණු සහිත නව සැලැස්මක් සමග ඉදිරියට යා යුතු බව ද ඒමහතා පෙන්වා දුන්නේය.
ධීවර සංස්ථාව මගින් රෝහල්වල ආහාරවේලට දේශීය මත්ස්‍ය විශේෂයක් සැපයීම සදහා අවකාශය තිබුණද ඒ වෙනුවට ආනයනික තලපත් මත්ස්‍ය විශේෂය සැපයීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමුවිය. ඒ අනුව මේ පිළිබදව කරුණු සොයා බලා රෝහල්වලට සපයන ආනයනික තලපත් වෙනුවට ආදේශක මත්ස්‍ය විශේෂයක් භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබද සති දෙකක් තුළ දැනුම් දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා ධීවර සංස්ථාවට උපදෙස් දුන්නේය.
එසේම ධීවර සංස්ථාවේ පවතින ගැටලු විසදා නිවැරදි මාවතකට අවතීර්ණ කිරීමට වත්මන් සභාපතිවරයා දරන උත්සාහය අගය කළ කෝප් සභාපතිවරයා මෙම නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබද විමර්ශනය සදහා ධීවර සංස්ථාව නැවත ජනවාරි තෙවන සතියේ කැඳවන බවද මෙහිදී පැවසීය.
