saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5042 hours ago

LATEST

ඉන්ධන සැපයිම සීමා කිරිමට සිදුවෙනවා

calendar_today 2022 අගෝ 03 - 11:05 remove_red_eye - 2385  

ඉන්ධන ගෙන්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටවලින් ණය ආධාර ලබා දෙන තෙක් බලා සිටින යුගය අවසන් කළ යුතුයි. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරනවා. ඉන්ධන සඳහා ගෙවීම සමබර කර ගැනීම වෙනුවෙන් තෝරා ගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. ඉන්ධන සැපයීම සීමා කරන්න වෙ

ගල්කිස්ස ටෙම්පල් පාර නිවසක නීතිවිරෝධී ලෙස ගබඩා කර වැඩි මිලට විකිණීම සඳහා සූදානම් කර තිබූ ඉන්ධන තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

තමන් භාර ගත්තේ විපත්තියට ඇඳ වැටුණ රටක් බවත් රට වෙනුවෙන් එම අභියෝගය භාර ගැනීමට තීරණය කළ බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අපේ රට විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ ආගම්වලට අයත් විවිධ භාෂා කතාකරන රටක් වශයෙන් සැම තමන්ගේ ආගම් ඇඳහීමට හා තම මව්භාෂාව කථා කිරීමට ඇති අයිතිය තහවුරු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

9 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය උත්සවය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ කටයුුත අද (03දා) ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළිත් උත්සවශ්‍රීයෙන් අද (03දා) පෙ.ව. 10.30ට විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

පසුගිය මස 9 දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊයේ (02දා) දහවල් කාලයේදී දැරණියගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

වාහන මිලියන 5.2ක් ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ දිනයේදි ඉන්ධනහල් 902ක මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවත් සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 579000කට අධික බවද ඔහු පැවැසීය. එසේම පාරිභෝජනය කළ ඉන්ධන ලීටර් සංඛ්‍යාව මිලියන 4.67ක් බවද ඔහු පැවැසීය.

Read More

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා අද (2දා) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.

Read More

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන ශාන් අරෝශ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නැමැත්තාගේ උපන්දිනය සමරා මතුගම ප්‍රදේශයේ තෑගි වවුචර බෙදා හැර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ.

Read More

’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන් වෙත අද (02) උපදෙස් ලබා දුන්නේය.

Read More

එංගලන්තයේ බ්‍රින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මීටර් 100 පිරිමි තරගයේ සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රිඩා කළ ශ්‍රී ලංකායේ සුපුරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය. යුපුන් එම තරගය තත්පර 10.06කින් නිම කළ අතර ඒ අනුව ඔහු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

Read More

වරාය හා නාවික අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා යළිත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම අමාත්‍යධුරයේම දිවුරුම් දී තිබේ.

Read More

භාණ්ඩ නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් පිරිවැයට වඩා විශාල ලාභයක් තබා ගන්නා බව තමන් දන්නා බවත් සියයට සියයක් බඩුමිල වැඩි බැවින් මේ සදහා පියවර ගැනීමට යම් කාලයක් අවශ්‍යවන බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු වීමෙන් වළකින ලෙස අධිවේගී නඩත්තු ඒකකය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.

Read More

ලංකා ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 10කින් පහත දැමූවත් ඒ හා සාපෙක්ෂව බස් ගාස්තු හෝ පාසල් ළමුන් ප්‍රවාහන කරන වෑන් රථ ගාස්තු අඩු නොකිරීමට එම සංගම් තීරණය කර තිබේ. ගාස්තු පහළ දැමීමට තරම් මෙම මිල අඩු කිරීම ප්‍රමාණවත් නොවන බව එම සංගම් සඳහන් කරයි.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයාලෙස නිමේෂ් හේරත් මහතා පත්කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

Read More

මේ වසරේ උද්ධමනය 7.75%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්ථාවර මට්ටම් කරා ආපසු යාමට වසර දෙක තුනක් ගත විය හැකි බවත් ඔස්ට්‍රේලියානු මහ බැංකු අධිපති කියයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදෙන බව සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අභ්‍යාස අරඹා තිබේ.

Read More

පොදු ප්‍රවාශනය යථා තත්ත්වයට පත්විමත් මෙන්ම QR ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමත් සමග ප්‍රවාහනය යථා තත්ත්වයට පත්ව ඇති හෙයින් රජයේ නිලධාරීන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්‍රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී ඇත.

Read More

පවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජර්මනියේ Mars-II බහු දියත් රොකට් පද්ධති (MLRS) කාණ්ඩයේ තෙවැන්න යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකොව් නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.