විදුලි අලිවැට ඉදි කරනවාට ගම්වැසියන් විරුද්ධ වීම නිසා වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා 2022 වසරේ ඉදි කිරීමට නියමිතව තිබූ විදුලි වැට 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුලි වැට ව්‍යාපෘති ඉදි කිරීම් කටයුතුවල ප්‍රගතිය සම්බන්ධව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කළ විමසීමක දී එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.
මෙම විදුලි වැට ව්‍යාපෘති 26 යටතේ ආවරණය කෙරෙන සමස්ත දුර කිලෝමීටර් 315කි. එහෙත් ගම්වැසියන් මෙම විදුලි වැට ඉදි කිරීමට තදින්ම විරුද්ධ වීම හේතුවෙන් එම කටයුතු අඩාල වී ඇති බව ද ලේකම්වරිය පැවසුවාය.
වන අලි- මිනිස් ගැටුම් උග්‍රව පවතින දිස්ත්‍රික්ක ගණනාවක් මීට අයත් වේ. ඒ අනුව හම්බන්තොට, රත්නපුර, ත්‍රිකුණාමලය, මොණරාගල, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හා කුරුණෑගල ඊට අයත් දිස්ත්‍රික්ක වේ.
මීට අමතරව 2022 වසරේ විදුලි වැට ව්‍යාපෘති 125ක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබු අතර ඉන් ආවරණය වන සමස්ත දිග ප්‍රමාණය කිලෝ මීටර් 1559.9කි. ඉන් කිලෝ මීටර් 121.5 ඇතුළත් ව්‍යාපෘති 07ක් මෙම වසරේ මුලුමනින්ම අවසන් කර තිබේ. තවත් 33ක් දැනටමත් ඉදි කෙරෙමින් පවතින අතර එහි දිග ප්‍රමාණය කිලෝමීටර් 263.06කි.
එමෙන්ම ප්‍රතිපාදන හා උපකරණ නොමැතිකම නිසා ව්‍යාපෘති 52ක් අතර මඟ නවතා දමා ඇති අතර ඒමනිසා කිලෝමීටර් 789ක් ආවරණය කිරීමට නොහැකි වී තිබේ.
