රියදුරු බලපත්‍රයට සෘණ ලකුණු දීම ලබන වසරේ සිට
රියදුරු බලපත්‍ර සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමට ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවන අතර ඒහිදී සමුච්චිතව ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවීමට නියමිතය.
මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව නොලැබේ.
මේ අනුව මාර්ග අනතුරකින් පසුව වාහනය නතර නොකර පළා ගියොත් ලකුණු 10ක්, පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක්, මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක්ද අඩුවෙනු ඇත.
popular news
-
Nimal Monday, 28 November 2022 10:18 PM
වහනය නතර නොකර පලගියහොත් point 10 සිට 15 දක්වාද , වේගය km 150ක් නොව km 120 වඩා වේගයෙන් රිය පද උවහොත් point 10ක් ද විය යුතුවේ. දෙවනුව ඔවුන්ගේ එම වාහනය නැවත registration කිරීමේදී වසර දෙකක් සදහා අය කිරීම රුපියල් 5000කි වැඩිවිය යුතුවේ. Insurances ය කිරීම පළමු වසර දෙක සදහා double කලයුතුවේ. මේ සේ වැඩිකර ජනතවගෙන් යම් විරොදයක් මතු උවහොත් නැවත සලක බැලිය යුතුවේ. එම පොඉන්ට් නැවත සම්පුර්ණ වීමේ කල සිමාව කුමක්ද ? වසර දෙකක්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
