නුවර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීමට විපක්ෂනායකවරයා සුදානම් වෙන බවත් එය වහාම නවත්වන ලෙසත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
“මට ආරංචියක් ආවා අපේ විපක්ෂනායකතුමා නුවර සිට කොළඹට උද්ඝෝෂනයක් පවත්වලා පෙළපාලියක් එන්න ලෑස්ති වෙනවා කියලා. මම කියන්න කැමතියි එතුමට ගරු විපක්ෂනායකතුමා ඔබතුමා වගකීම භාර ගන්න. මේ රටේ නැවත නැවතත් පෙළපාලි යන්න ලෑස්තිවෙලා මේ රටේ මිනිස්සුන්ව අවුස්සගෙන ඔබතුමාගේ නොහැකියාව පෙන්වන්න ඒකට ප්‍රශ්නයක් නෑ.
නොහැකියාව හින්ද තමයි මේ දේවල් කරන්නේ. හැකියාව තිබුණනම් අර ලියුම් ලියපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තට මේ අභියෝගය භාර ගන්න තිබුණා.
නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අභියෝගය භාර ගත් වෙලාවේ විපක්ෂනායකතුමාගේ බිරිඳත් කථා කරලා අගමැතිධුරය ඉල්ලුවා කියලා ආරංචියි. නැවතත් මේ රටට සංචාරකයන් එන මොහොතේ නුවර සිට කොළඹට පෙළපාලියක් එන්න ලෑස්ති වෙලා තියෙනවා. කරුණාකරලා මේ කෝලම නවත්වන්න.
ජනතාව අවුස්සගන්න එපා. ඔබතුමා මේ පාර ගුටිකන්නේ පාරේ ඉන්න මිනිස්සුන්ගෙන්. මේක කඩාකප්පල් කරන්න එපා. ඔබතුමාගේ නොහැකියාව තියාගන්න පාර්ලිමේන්තුව තුළ. මට මෙච්චරයි කියන්න තියෙන්නෙ.”