ලෝක බොරතෙල් මිල මෙම වසරේ අවම මට්ටම කරා එයි
ලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනයේ ඉන්ධන ඉල්ලුම පහළ යනු ඇතැයි යන අපේක්ෂාවන් සමග අද (28දා) දිනය වනවිට බොරතෙල් මිල වසරේ අවම මට්ටම කරා ළඟා වී තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සවස 4.00 පමණ වනවිට ඇ.ඩො. 2.36ක් හෙවත් 2.82%කින් පහත වැටී ඇ.ඩො. 81.27ක් ලෙස සටහන් විය. එය මෙම වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අවම අගයයි.
මීට අමතරව, එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල අද සවස 4.00 පමණ වනවිට ඇ.ඩො.2.06ක් හෙවත් 2.70%කින් පහත වැටී ඇ.ඩො. 74.22ක් ලෙස සටහන් විය. එය 2021 දෙසැම්බර් අවසානයෙන් පසු එහි වාර්තා වූ අවම අගයයි.
පසුගිය සතියේ සිට බ්‍රෙන්ට් සහ WTI යන බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යෑමක් දක්නට ලැබුණි.
popular news
-
Kumar Monday, 28 November 2022 07:38 PM
oyagollan ithirihayath kiyanna epaya. americawa venesuvela rajaya samaga athikaragth nawagivisuma nisa venasuwela borathel americawata apanaya nisa barel miliyana 2000 lokapoley illumaen aduwenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

