saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4973 hours ago

LATEST

බෝට්ටුවෙන් රට පැනීමට තැත් කළ 10ක් කොටුවෙයි

calendar_today 2022 අගෝ 17 - 10:19 remove_red_eye - 167  

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (16දා) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ යමින් පවතී. මේ අනුව මෙම මාසයේ මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 17000 ඉක්මවා තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාශයේ කලක් සේවය කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (16දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

මෙම සංචාරය කලාපය සහ ලෝකය අස්ථාවර කිරීමට සහ අවුල් වියවුල් වැපිරීමේ අරමුණු සහිත, සවිඥානික එක්සත් ජනපද උපාය මාර්ගයක කොටසක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

පසුගිය දිනවල සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන් 2022-08-01 දිනැති 2291/02 ගැසට් නිවේදනයේ සඳහන් 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවල 04(7) වන නියෝගය යටතේ නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුවට සිදු කරනු ලැබ ඇති සංශෝධන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයත්, ඒ සඳහා වන පසුබිම හා පෙර තත්ත්වයන් සම්බන්ධයෙනුත් සිදු කරනු ලබන පැහැදිළි කිරීමක් පහත දක්වා ඇත.

Read More

අත්හදා බැලීම්වල පළමු වැනි අදියර සඳහා ස්වේච්ඡා සේවකයන් දැන් තෝරාගෙන ඇති අතර, සමාගම එන්නත නිෂ්පාදනය සඳහා සූදානම් වෙමින් සිටී.

Read More

ඉන්ධන පිරවිමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයිමේ ගැටලු හේතුවෙන් විදේශිය ගුවන් සමාගම් 7ක් මෙරටට සතියක් තුල සිදුකළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්ගමන්වාර 56කින් අඩුකර තිබේ.

Read More

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

රුපියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි 60 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකු පෙරේදා (14දා) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

එන්නත් මාත්‍රා හතරක් ලබාගෙන තිබියදීත්, එක්සත් ජනපද ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් අඟහරුවාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මැතිවරණ කොමිසම තීරණ ගැනීමේදී සභාපතිවරයා ඒකපාර්ශ්විකව තීරණ ගන්නා බවට කොමසාරිස්වරු චෝදනා කළහ.

Read More

යුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව කිසිදු රටක ආරක්ෂක හා ආර්ථික ප්‍රතිලාභයට බලපෑම් එල්ල නොකරන බවත්, එය තුන්වන පාර්ශ්වයක බාධාවන්ට ලක් නොවිය යුතු බවත් චීනය කියාසිටී.

Read More

ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ පෙරටුගාමී අභියෝගකරු ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා දශක කිහිපයකින් ඔක්තෝබර් මාසයේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත උණුසුම් මැතිවරණයේ ඡන්ද සටන නිල වශයෙන් ආරම්භ කළහ.

Read More

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසරය දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වා දෙයි.

Read More

එක්සත් රාජධානිය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. මෙම ක්‍රමයට ලංකාව ඇතුළත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියේ වෙළඳපොළට බදු හෝ ගාස්තු රහිතව මෙන්ම අඩු ගාස්තු යටතේ ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේ.

Read More

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරික්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබයි.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

Read More

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබේ. අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන් වේ. මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී තිබේ.

Read More

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

ජාතික නිදහස් දින ඇතුලු ජාතික උත්සව අවසානයේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරන ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට සහ පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් රෙගුලාසි සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නාඩු වී කිලෝවක් රු. 120ක්, සම්බා වි කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වන සහිතක මිලක් යටතේ හෙට (17දා) වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා එල්ල කල වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි.

Read More

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් මහත්මිය ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

Read More

නුදුරු අනාගතයේ දී රියදුරු බලපත්‍රය සහ වාහන මාරු කිරීම් ඇතුළු සියලුම ගාස්තු සංශෝධනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ඉල්ලා ඇතැයි ‘ඩේලි මිරර්’ සඳහන් කරයි.

Read More

ලෝක වෙළදපොළ තුළ බොරතෙල් මිල පහළ ගියත් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More

වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ. ඒසේම ඒම පාඩුව‌ මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් සියයට 73ක අගයක් ගනී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.