ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවය සැමරීමේ උළෙලට සහභාගී වීම සදහා විදේශ අමාත්‍යවරුන් , තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රාශියක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඒ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය, බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් මොබන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටකේ සුන්සුකේ, භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බින් රායි යන මහත්වරුන් සිය දූත පිරිස් සමග කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ලෙස ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
මීට අමතරව මෙම නිදහස් උළෙලට සහභාගී වීම සදහා තානාපති නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
ඔවුන් අතර ටියුනීසියාව, මොරොක්කෝව, බොට්ස්වානා, නේපාලය, පෝලන්තය, ලැට්වියාව, කසකස්තානය, ඝානාව, ගැම්බියාව, ඉන්දුනීසියාව, මාලි රාජ්‍යය, මොසැම්බික්, සර්බියාව, උගන්ඩාව, ඊශ්‍රායලය, සෙනගාලය, පිලිපීනය, ඉතාලිය සහ නයිජීරියාව යන රටවල තානාපති නිලධාරීහු සිටියහ.