ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළව පැරිස් සමාජයේ ණය හිමි රටවලින් අපේක්ෂා කරන මූල්‍ය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කෙරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ශ්‍රී ලංකාව අදාළ රටවලින් ලබාගත් සමස්ත ණය ප්‍රතිව්‍යහුගතකරණය කිරීම සඳහා එම සහතිකය ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීම සඳහා චීනයේ, ඉන්දියාවේ මෙන්ම පැරිස් සමාජයේද ණය ප්‍රතිව්‍යුහකරණ සහතිකය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.